ජංගම දුරකථන රඳවනයක් හදමු
මේ කියන්න හදන්නෙ වැඩක් නැති වෙලාවට කරන්න පුලුවන් පොඩි නිර්මාණයක්.ඒ කිව්වෙ ජංගම දුරකථන රඳවනයක් නිවසේදීම හදාගන්න හැටි.




වැඩේට ඕන වෙන්නෙ
- ඉවත දමන pvc වැහි පීල්ලක කොටසක්,
- කියත්පටියක්,
- ඉටිපන්දමක්,
- අඬුවක්.
මුලින්ම phone එකේ ප්‍රමාණයට ටිකක් වැඩි[ (phone එකේ පළල) +(ඝනකම×2)] කොටසක් කපාගන්න.ඝනකම×2 කිව්වෙ පැති ආදාරක දෙකට .
දැන් පීල්ලෙ දෙපස කොටස් තදින් ඇතුලට නවන්න.
(පීල්ලේ දිගම කොටස තමයි යටට හිටින්නෙ,පීල්ලෙ මැද කොටසෙ තමයි phone එක හිටින්නෙ).අවසානයේදී කිසිම බලයක් දෙන්නෙ නැතිව නවාගත් පීල්ල මෙන්න මෙහෙම තියෙන්න ඕන.තදින් නවන්න(එහෙම හිටින්නෙ නැත්තම් ඕනෙනම් අන්තිමටම වැඩේ ඉවර වුනාම පොඩි බකට් කම්බියකින් පැති දෙක එකතුකරන්න පුලුවන්.)දැන් පැති ආදාරක 2 ඉතුරුවෙන පරිදි phone එකේ පළල ඉරකින් පීල්ලෙ සලකුණු කරගෙන ඒ දිගේ කියත් පටියෙන් කපන්න.ටික වෙලාවක් නම් යනව වැඩේට.


හරි , දැන් මේ පේන්න තියන තීරු කපල ඉවත්කරල, අර ඉතුරු කරගත් පැති ආදාරක දෙක අඬුවෙන් ඇතුලට නවන්න.
දැන් ඉතුරු pvc වැහි පීල්ලෙන් තවත් කොටසක් phone එකේ පළලට 1cm විතර අඩුවෙන් කපාගන්න.


ඊලඟ පියවර ටිකක් ඉවසීමෙන් කරන්න ඕන, නැත්නම් කරපු ඔක්කොම වතුරෙ.දැන් ඒ කපාගත් කොටසේ පළල ප්‍රමාණයට හා මහතට හරියටම ගැලපෙන පරිදි කැපුමක් කියත්පටිය රත්කරල හරහට යොදන්න(ඒ කියන්නෙ කපාගත් කොටස රිංගවන්න පුලුවන් තරමේ වන හරස් කැපුමක්) .ඒක ටිකක් හිරට වන තරමට හොඳයි.

දැන් කරන්න තියෙන්නෙ අර කපාගත් කොටස හරස් කැපුම තුලට රිංගවන එක. කැමති පරිදි දිග සකසාගැනීමත් , එමගින් ආනතිය වෙනස්කිරීමටත් හැකියාව මෙමගින් ලැබෙනව.අන්තිමට මෙන්න මේ වගේ තමයි පේන්නෙ.



හරි. දැන් වැඩේ ඉවරයි. කැමතිනම් charger pin සිදුරක් දාන්නත් පුලුවන්.
This slideshow requires JavaScript.








නියම වැඩක්. එල කිරි
මරු
එල කිරි
ෂා මරුනේ…
Comment කරපු ඔක්කොටම බොහොම ස්තුතියි…
නියමයි සහෝ…..දිගටම මේ වගේ දේවල් කරලා පෝස්ට් දාන්න……
මෙන්න මම හදපු එක…..
http://hasiya8.blogspot.com/2010/11/how-to-make-phone-holder.html
@හසියා : එල එල. ඉඩ තියන හැටියට තමයි පෝස්ට් දාන්න වෙන්නෙ සහෝ…