Home > Tech, Ubuntu > Mobile Partner on Ubuntu

Mobile Partner on Ubuntu

Mobile Partner වෙනුවට  Ubuntu-Linux වල තියන්නෙ  Network Manager එක නේ.Ubuntu-Linux සමග Mobile Broadband අන්තර්ජාල  සඹදතා බාව්තාකරන බොහෝ අය මේගැන දන්නව.මම මේ ඉදිරිපත්කරන්න බලාපොරොත්තුවෙන්නෙ ‘Vodafone Mobile Card for Linux’ ස්තාපනය කරන ආකාරය. මෙහි විශේෂත්වය තමයි Windows වල භාවිතාවන Mobile Partner මෘදුකාංගයට සමාන ලෙසම වන අතුරු මුහුනතකින් මේක සමන්විත වීම.

මේක ‘Vodafone Mobile Card for Linux’ ලෙස නම්කර තිබුනත්  මේක භාවිතාකිරීමට Vodafone පාරිභෝගිකයකු වීමටම අවශය නැ.මම මේක Huawei E220 මොඩෙම් එක සමග Test කරල බැලුව .අනෙක් Mobile Broadband cards වලටත් වැඩ.මෙම list එකේ අඩංගු නොවන සමහර Mobile Broadband cards නුත් වැඩ. මෙහි ප්‍රදානම වාසිය තමයි Network Manager එකේ ක්‍රියාකාරිත්වයට මේක ස්තාපනයෙන්  කිසිම බලපෑමක් වෙන්නෙ නැති එක.
මීට අමතරව තවත් අමතර පහසුකම් රැසකින් මෙය සමන්විතයි.

  • Signal Strength(3G/2G) එක සහ සේවා සපයන්නාගේ නම .
  • Connectin Type එක(3G only/3G Preferred/2G Only/2G) වෙනස්කිරීමේ හැකියාව.
  • Profiles සෑදීම/Edit/Delete කිරීම හෝ  Static DNS settings  යෙදීමේ හැකියාව .
  • SMS යැවීමේ/බැලීමේ/Delete/Draft/Reply/Forward කිරීමේ  හැකියාව.
  • Messege Center number එක සහ Validity period වෙනස්කිරීමේ හැකියාව   .
  • Contacts Sim එකට හෝ Machine එකට Save කිරීම.
  • පවතින මාසයේ සහ පෙර මාසයේ data_usage graphic වාර්තාව .
  • අවශය පරිදි Data Usage popup Notifications Enable/Dissable කිරීම .
  • Download සහ Upload Speed.

මීට අමතරව තවත් බොහෝ දේ..

හැබයි මේක ස්තාපනය කරන්න ලේසිවුනත් තව පොඩි වැඩ ටිකක් තියනව කරන්න.
මොකද මෙක ස්තාපනය(install) කරපුගමන්ම වැඩකරන්නෙ නැ, මොකද  Errors 3 ක් තියනව හදන්න.
1)Python Library Path Error
2)Configuration File Error
3)Data Schema Error
ඒ Errors 3 නිවැරදි කලාම නියමෙටම වැඩ . ස්තාපනය සහ Errors නිවැර්දිකරන හැටි තමයි මේ.

1)මුලින්ම .deb file එක Download කරන්න .
මම ubuntu9.10 භාවිතාකරන නිසා තේරුවෙ vodafone-mobile-connect_1.99.17-8_all.deb මම නම් කියන්නෙ  vodafone-mobile-connect_1.99.17-8_all.deb තෝරගන්න කියල.

2)දැන් එම File එක(vodafone-mobile-connect_1.99.17-8_all.deb) GDebi Package Installer එකෙන් open කරන්න(Double click කරන්න) .

Applications->Internet->Vodafone Mobile Connect වලට ගිහින් හෝ Terminal එකේ vodafone-mobile-connect-card-driver-for-linux ගහල බලන්න වැඩද කියල.මගේ නම් වැඩකලේ නැ.

3)හරි , දැන් අපිට තියෙන්නෙ Errors 3 හදන්න.

4)Terminal එක Open කරල sudo gedit /usr/bin/upgrade-vmc-plugins
pwd එක ගැහුවට පස්සෙ gedit Text editor එකෙන් File එකක් Open වේවි.
දැන් import shutil කියන තැන Search කරල ( Search->Find හෝ (Ctrl+F)) කරලා එම තැනට හරියටම යටින් මේ ටික past කරන්න

import sys
sys.path.append(‘/usr/lib/python2.5/site-packages’);

දැන් Save කරන්න .

5)දැන් Terminal එකේ

gedit /usr/share/vodafone-mobile-connect/gtk-tap.py

ගහල මුල් පියවරෙහි පරිදිම import signal යන තැන සොයල හරියටම ඊට යටින් මේ ටික past කරන්න

import sys
sys.path.append(‘/usr/lib/python2.5/site-packages’)

දැන් Save කරන්න .

6)/usr/share/vodafone-mobile-connect/resources/templates/ වලට ගිහින් ඒක ඇතුලෙ තියන vmc.cfg.tpl කියන file  එක copy කරල home directory ය අතුලෙ   .vmc2 කියල( dot ) directory(folder) යක් හදල එකට past කරන්න.

7)දැන් Terminal එකේ

sudo gedit /usr/lib/python2.5/site-packages/vmc/contrib/axiom/_schema.py

දැන් open වෙන gedit Text editor එකේ indexed යන පද සියල්ල Search කරල ඒව  “indexed”  ලෙස( double quotes සමග) Repalace_All කරන්න .
Search->Replace කලවිට එන වින්ඩෝව තුල මේ වගෙ.

දැන් Save කරන්න .

8)Applications->Internet->Vodafone Mobile Connect

දැන් හරි 🙂

ආශ්‍රිත ලිපි:

Advertisements
  1. July 25, 2010 at 10:26 am

    අනිත් ඩිවයිසස් කීපයක් එක්කත් වැඩ කලාට ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය ඩිවයිසස් වන E1550, E156G වගේ මොඩල් වලට ඕක වැඩ කරන්නෙ නැති එකයි. මම E156G එක ඕකෙන් කනෙක්ට් කරන්න ගිහින් මොඩම් එක යකා නටන්න ගත්තා කියන්නෙ, මම හිතුවෙ firmware එකටත් කෙළ උනා කියල 😀

    • July 25, 2010 at 10:41 am

      මම E1550,E156G එක්ක තාමනම් Test කලේ නැ.
      නමුත් Huawei E220 මොඩෙම් එක සමග Test කරල බැලුව .
      දැනුවත් කලාට ස්තුතියි. 🙂

      • July 25, 2010 at 11:38 pm

        E220 සමග ඕක තිතට වැඩ. ඕක හදලා තියෙන්නෙත් E220 වෙනුවෙන් මං හිතන්නේ.

  2. Udayanga
    July 27, 2010 at 10:58 am

    patta

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: