Archive

Archive for August, 2010

නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……

කාකා බිබී හුරේ දමන නරුම ක්‍රිකට් බලධරින්
පන්දු කෙලින අතර  මෙතන මෝඩ ඉන්දු  අමනයන්
රට ගිනිගෙන ඇති වග දුටු අපේ සිංහ පුතනුවන්
නිපන්දුවක් ගැන සිතීම වරදක්දැයි මට කියන්
….

යදමින් බැඳ විලංගු ලා…….

ශෙවාග් හට කඩේ දුවන මීහරකුන් වැනි පුතුන්
කුමට ද මට මහවිරුවෙකි සිර ගත කල මේ සුරාජ්
කෝටිගනන් බිහිවේවා මෙවන් රහල් පුතනුවන්
ලක් මව් පසුපස ඉන්නව එවන් පුතුන් ලඟ උතුම්…..

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම  දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……..

පලි:
නන්දා මලිනියන් විසින් ගායනාකල මෙම පද පෙලට පසුබිම් වූ මතභේදාත්මක මුල් ගීතය
සුරාජ් රන්දීව් ට  උපහාරයක්ම වේවා!!

Advertisements
Categories: Topical

නිපන්දුවක තරම !

ඔහු මේ වෙනකම් එක නෝබෝලයක්වත් (එක්දින /ටෙස්ට්) තරඟයක යවල නැ.
එහෙනම් ඇයි මම 99 සිටියදීම නෝබෝලයක් දැම්මෙ? ඒක ලොකු නෝබෝලයක්!
නායකය හෝ ජේෂ්ඨ ක්‍රීඩකයකු මොනවහරි දෙයක් කිව්ව.මේක පලමුවතාවට නෙවෙයි  ශ්‍රී ලංකාව මෙහෙම දෙයක් කරපු.මේක දෙවැනි වතාව.

මුලු ලෝකෙම නැතිවුනු පොඩි එකෙකු(මුහුන/කටහඬ) ලෙස මෙලෙස හැසිරෙන්නෙ විලේන්ද්‍ර ෂෙවාග්.හේතුව පසුගිය 16 වෙනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියව අතර පැවැති එක්දින තරඟයේදී සුරාජ් රන්දිව් විසින් යවපු මතභේදාත්මක නෝබෝල් පන්දුවයි.

මෙහිදී ඔහු විසින් කියන්න උත්සහ ගන්නෙ මෙවැනි දේවල් ශ්‍රී ලංකාවට කරල පුරුදු බවයි.අවසාන පන්දු ඕවරයේ පලවෙනි පන්දුවට මෙහෙම දෙයක් වුනානම්/කලානම් හිතල කරපු වැඩක් කියන්න තිබුන.මේක වුනේ 4 වන පන්දුවට.මේ පොඩි එකාගෙ මුලු ජීවිතේම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිතාමතා නැතිකරපු විදියට තමයි කතාව.මොහු කෙතරම් පටු ලෙස හිතනවද කියල මේකෙන් පැහැදිලි වෙනව.

අනික ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධ්ය ගැන නිල නිවේදන නිකුත්කරන්න ඕනත් නැ.ලංකාව ක්‍රිකට් වලින් අනෙක් රටවලට වඩා මහත්මා ගති ඇතුව ක්‍රීඩාකරන කණඩායමක්.එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැ.පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායම ලබපු සම්මාන[Spirit of Cricket Award-2007,2008 ] මේකට හොඳ සාක්ෂියක්.නෝබෝලයක් දාපු පලියට ක්‍රීඩාවෙ ජීවගුනය නැතිවෙනවනං මුලින්ම කරන්න ඕන විනිසිරුවරුන් නිකුත්කරන වැරදි තීරන වලට විසදුමක් දිමයි.මතක විදියට රුඩි-කර්ට්සන් ගෙ වැරදි තීරනයක් නිසා පිත්තේ නොවැදුනු පන්දුවකට ලකුනු 200 ආසන්නයෙදී කුමාර සංගක්කාර දැවීයාමක් ලෙස සනිටුවන් කිරීම නිසා කුමාර සංගක්කාර විසින් තැබීමට තිබූ ලෝක වාර්තාව(පිට පිට තරග 3 කදී ද්විත්ව ශතක ලබාගත් එකම ක්‍රීඩකයා) ගිලිහී ගියා.ඒ ගිලිහුනේ ලෝක වාර්තාවක්!(ශතකයක් නොවේ).

ඔවුන් කියනා පරිදි ක්‍රිකට් කියල කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක්!!! නමුත් කීයෙන් කීදෙනාද විනිසුරු තීරනයට කලින් ඔවුට් එක දීල එලියට යන්නෙ (මහෙල ජයවර්ධන,කුමාර සංගක්කාර ). අපි දැක ඇති ෂෙවග් තුලින් කිසිදිනක එවැන්නකන්ම් දැක නොමැත.ඔහුතුලින් තියා තෙන්ඩුල්කාර් තුලින්වත් අපි එය දැක නැත්තෙමු !.අපි මෙච්චර දවසක් දැකපු හා දකින ෂෙවාග් තමයි මේ.සමහර විට ඔහු හිතනව ඇති ඔහු සිතන ආකාරයටම රන්දීව් සිතනව කියල.

ශෙවාග් කියන්නෙ දක්ෂ පිතිකරුවෙක්. ඒවුනාට ඔහුට ලකුණු 100 ගන්න ඔය කියන මතභේදාත්මක නෝබෝල් පන්දුවට පෙර ඕනතරම් අවස්තාවතිබුන.එම අවස්තාවන් මගහැරපු එක ඔහුගෙ නොහැකියාව.එහෙම කරපු ඔහු මෙහෙම status update කරනව.

මෙතනදී ෂෙවාග් උත්සාහ දරා තිබෙන්නේ රන්දීව් ඔහුට විරුද්ධව කල වැරදද්කට(හිතාමතා කල) සමාවක් ගත් පරිදිය.මෙය කොතරම් සදාචාර සම්පන්නද?.එක අතකට ඒකෙ පුදුමෙකුත් නැ ,ඉන්දියාවනෙ.(මැච් 1 ක් පැරදුනාම ක්‍රීඩකයන්ගෙ ගෙවල් ගිනිගන්නා එකම රට).මෙතන රන්දිව්ට සමාවගන්න තරම් කිසිම දෙයක් වෙලා නැ.සමහරු මෙතනදි කතාකරන්නෙ හරියට රන්දිව් හරියට ක්‍රිකට් ඉතිහාසය තුල කරනා ලද බිහිසුනුම නීති විරෝධී ක්‍රියාවක් කරපු පුද්ගලයකු හැටියටයි.

අපි මෙතනදී ෂෙවාග්ට පහරගැසීමට යන්නේ නැත.නමුත් ඔහුට එකක් මතක් කරදීමට කැමත්තෙමු.ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් හැගීම සමගිය පෙරටුකොටගත් කණ්ඩායම් ක්‍රියාකාරකමක්.තනි පුද්ගලයකුගේ දක්ෂතාව(කාර්ය ඵලය) කණ්ඩායම් අභිවෘද්ධිය සඳහා දායකවන්නා සේම ඔහුගේ අදක්ෂතාව/නොහැකියාව මුලු කණ්ඩායම විසින් බෙදා ගන්නවා.නමුත් ඔහු මෙහිදි උලුප්පා දැක්වීමට උත්සහ දරන්නේ නෝබෝල් පන්දුව හා ලබාගැනීමට තිබූ ශතකය ගැනයි.මෙහිදී ඔහු කලයුතුව ඇත්තේ තමාට ලබාගැනීමට නොහැකිවූ ශතකය ගැන හූල්ල හූල්ල සිටීම නොව ,තරඟයේ ජයග්‍රහනය ගැන සතුටුවීමයි.නමුත් එවැන්නක්නම් අපට ඔහුවෙතින් පෙනෙන්නට නැත. 😦

අපි බලමු මුරලිගෙ අවසාන ටෙස්ට් තරඟයට ඉස්සරවෙලා තියපු මාධය හමුවේ දී “දෝණි” කිව්වෙ මොකක්ද කියල. මුරලිට කඩුලු 800 ගන්න දෙන්නෙ නැ .(දෛවයේ සරදමකට මෙන් එහෙම කිව්ව පොරගෙ පොලු ගලවන්න මුරලි සමත්වුනා !! ) .

We’ll try to make it tough for him because the kind of cricket that he has played he has always made it tough for the batsmen to score runs,”
“In the same way, the batsmen are getting an opportunity not to let him get 800 wickets.

ලෝකයේ බිහිවුනු විශිටතම දඟ පන්දුයවන්නාගේ සමුගැනීමේ තරඟයට පෙර එවැනි ප්‍රකාශයක් කිරීම කොතරම් සදාචාර සම්පන්නද ?, දක්ෂයට බොරු බැ.ඒත් අන්තිමේදී මුරලි කඩුලු 800 ත් සමගම තරඟයති දිනවල දුන්න.ඔන්න මිනිස්සු!!.හරි අපි හිතමු මුරලි කඩුලු 799 තියෙද්දි දුවද්දී දැවීයමක් සිදුවුනා කියල(එහෙම වෙන්නත් ගියා).එහෙම වුනානම් ඒකට විරුද්ධවත් විනය පරීක්ෂනයක් පවත්වවන්නෙ ලංකාවෙන්ද? නැත්නම් ඉන්දියාවෙන්ද?රන්දිව් ට විරුද්ධව විනය පරීකෂන කරන අය මුලින්ම කරන්න තියෙන්නෙ මේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයා ආරක්ෂාකිරීමයි.වරම ගත්තාසේ හැසිරෙන ඉන්දියානු මාධ්‍යය වලින් ඔහු බේරාගැනීමයි.

සුරාජ් ඉගෙනගත් මාතර රාහුල විදුහලේ විදුහල්පති තුමාගේ ප්‍රකාශය මේ සඳහා පිටුවහලක් වේයැයි සිතිය හැක.

A clever move by Randiv“.

මේ සඳහා අපිටත් ලොකු දෙයක් කරන්න පුලුවන් .අපි සමාජ ජාල අඩවි වල සුරාජ් රන්දීව් ගේ ප්‍රතිරූපයට හානිවනපරිදි කර ඇති විකෘති ලෙස  නිර්මානය කර ඇති පිටු පිලිබඳව වාර්තාකරමු .

Report this page !

ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයා ආරක්ෂාකරගමු, අපට කලහැකි දේ අපි කරමු!.ඔහුගේ ක්‍රීඩා දිවිය ආරම්භ වූවා පම්ණි,ඔහු තව බොහෝ දුර යායුතුය.මුරලි පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වෙද්දී ඔහු වෙනුවෙන් පෙනීසිටියාක් මෙන් මේ අවස්තාවේදී සුරාජ් රන්දීව්  රැකගැනීම අපේ වගකීම නොවේද?

ආශ්‍රිත ලිපි:

Categories: Topical

ලස්සන සිංදුවක් | ‘වසන්තයේ මල් සුපිපුන…’

වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා…..

මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……

හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු ක
ඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

අහන්න: මෙතනින්.
බාගන්න: මෙතනින්.(Download|.mp3|4.6MB)
ගායනය: ඉමාන් පෙරේරා.
සංගීතය : සුධර්මන් රංජිත්.