Home > Topical > නිපන්දුවක තරම !

නිපන්දුවක තරම !

ඔහු මේ වෙනකම් එක නෝබෝලයක්වත් (එක්දින /ටෙස්ට්) තරඟයක යවල නැ.
එහෙනම් ඇයි මම 99 සිටියදීම නෝබෝලයක් දැම්මෙ? ඒක ලොකු නෝබෝලයක්!
නායකය හෝ ජේෂ්ඨ ක්‍රීඩකයකු මොනවහරි දෙයක් කිව්ව.මේක පලමුවතාවට නෙවෙයි  ශ්‍රී ලංකාව මෙහෙම දෙයක් කරපු.මේක දෙවැනි වතාව.

මුලු ලෝකෙම නැතිවුනු පොඩි එකෙකු(මුහුන/කටහඬ) ලෙස මෙලෙස හැසිරෙන්නෙ විලේන්ද්‍ර ෂෙවාග්.හේතුව පසුගිය 16 වෙනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියව අතර පැවැති එක්දින තරඟයේදී සුරාජ් රන්දිව් විසින් යවපු මතභේදාත්මක නෝබෝල් පන්දුවයි.

මෙහිදී ඔහු විසින් කියන්න උත්සහ ගන්නෙ මෙවැනි දේවල් ශ්‍රී ලංකාවට කරල පුරුදු බවයි.අවසාන පන්දු ඕවරයේ පලවෙනි පන්දුවට මෙහෙම දෙයක් වුනානම්/කලානම් හිතල කරපු වැඩක් කියන්න තිබුන.මේක වුනේ 4 වන පන්දුවට.මේ පොඩි එකාගෙ මුලු ජීවිතේම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිතාමතා නැතිකරපු විදියට තමයි කතාව.මොහු කෙතරම් පටු ලෙස හිතනවද කියල මේකෙන් පැහැදිලි වෙනව.

අනික ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධ්ය ගැන නිල නිවේදන නිකුත්කරන්න ඕනත් නැ.ලංකාව ක්‍රිකට් වලින් අනෙක් රටවලට වඩා මහත්මා ගති ඇතුව ක්‍රීඩාකරන කණඩායමක්.එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැ.පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායම ලබපු සම්මාන[Spirit of Cricket Award-2007,2008 ] මේකට හොඳ සාක්ෂියක්.නෝබෝලයක් දාපු පලියට ක්‍රීඩාවෙ ජීවගුනය නැතිවෙනවනං මුලින්ම කරන්න ඕන විනිසිරුවරුන් නිකුත්කරන වැරදි තීරන වලට විසදුමක් දිමයි.මතක විදියට රුඩි-කර්ට්සන් ගෙ වැරදි තීරනයක් නිසා පිත්තේ නොවැදුනු පන්දුවකට ලකුනු 200 ආසන්නයෙදී කුමාර සංගක්කාර දැවීයාමක් ලෙස සනිටුවන් කිරීම නිසා කුමාර සංගක්කාර විසින් තැබීමට තිබූ ලෝක වාර්තාව(පිට පිට තරග 3 කදී ද්විත්ව ශතක ලබාගත් එකම ක්‍රීඩකයා) ගිලිහී ගියා.ඒ ගිලිහුනේ ලෝක වාර්තාවක්!(ශතකයක් නොවේ).

ඔවුන් කියනා පරිදි ක්‍රිකට් කියල කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක්!!! නමුත් කීයෙන් කීදෙනාද විනිසුරු තීරනයට කලින් ඔවුට් එක දීල එලියට යන්නෙ (මහෙල ජයවර්ධන,කුමාර සංගක්කාර ). අපි දැක ඇති ෂෙවග් තුලින් කිසිදිනක එවැන්නකන්ම් දැක නොමැත.ඔහුතුලින් තියා තෙන්ඩුල්කාර් තුලින්වත් අපි එය දැක නැත්තෙමු !.අපි මෙච්චර දවසක් දැකපු හා දකින ෂෙවාග් තමයි මේ.සමහර විට ඔහු හිතනව ඇති ඔහු සිතන ආකාරයටම රන්දීව් සිතනව කියල.

ශෙවාග් කියන්නෙ දක්ෂ පිතිකරුවෙක්. ඒවුනාට ඔහුට ලකුණු 100 ගන්න ඔය කියන මතභේදාත්මක නෝබෝල් පන්දුවට පෙර ඕනතරම් අවස්තාවතිබුන.එම අවස්තාවන් මගහැරපු එක ඔහුගෙ නොහැකියාව.එහෙම කරපු ඔහු මෙහෙම status update කරනව.

මෙතනදී ෂෙවාග් උත්සාහ දරා තිබෙන්නේ රන්දීව් ඔහුට විරුද්ධව කල වැරදද්කට(හිතාමතා කල) සමාවක් ගත් පරිදිය.මෙය කොතරම් සදාචාර සම්පන්නද?.එක අතකට ඒකෙ පුදුමෙකුත් නැ ,ඉන්දියාවනෙ.(මැච් 1 ක් පැරදුනාම ක්‍රීඩකයන්ගෙ ගෙවල් ගිනිගන්නා එකම රට).මෙතන රන්දිව්ට සමාවගන්න තරම් කිසිම දෙයක් වෙලා නැ.සමහරු මෙතනදි කතාකරන්නෙ හරියට රන්දිව් හරියට ක්‍රිකට් ඉතිහාසය තුල කරනා ලද බිහිසුනුම නීති විරෝධී ක්‍රියාවක් කරපු පුද්ගලයකු හැටියටයි.

අපි මෙතනදී ෂෙවාග්ට පහරගැසීමට යන්නේ නැත.නමුත් ඔහුට එකක් මතක් කරදීමට කැමත්තෙමු.ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් හැගීම සමගිය පෙරටුකොටගත් කණ්ඩායම් ක්‍රියාකාරකමක්.තනි පුද්ගලයකුගේ දක්ෂතාව(කාර්ය ඵලය) කණ්ඩායම් අභිවෘද්ධිය සඳහා දායකවන්නා සේම ඔහුගේ අදක්ෂතාව/නොහැකියාව මුලු කණ්ඩායම විසින් බෙදා ගන්නවා.නමුත් ඔහු මෙහිදි උලුප්පා දැක්වීමට උත්සහ දරන්නේ නෝබෝල් පන්දුව හා ලබාගැනීමට තිබූ ශතකය ගැනයි.මෙහිදී ඔහු කලයුතුව ඇත්තේ තමාට ලබාගැනීමට නොහැකිවූ ශතකය ගැන හූල්ල හූල්ල සිටීම නොව ,තරඟයේ ජයග්‍රහනය ගැන සතුටුවීමයි.නමුත් එවැන්නක්නම් අපට ඔහුවෙතින් පෙනෙන්නට නැත. 😦

අපි බලමු මුරලිගෙ අවසාන ටෙස්ට් තරඟයට ඉස්සරවෙලා තියපු මාධය හමුවේ දී “දෝණි” කිව්වෙ මොකක්ද කියල. මුරලිට කඩුලු 800 ගන්න දෙන්නෙ නැ .(දෛවයේ සරදමකට මෙන් එහෙම කිව්ව පොරගෙ පොලු ගලවන්න මුරලි සමත්වුනා !! ) .

We’ll try to make it tough for him because the kind of cricket that he has played he has always made it tough for the batsmen to score runs,”
“In the same way, the batsmen are getting an opportunity not to let him get 800 wickets.

ලෝකයේ බිහිවුනු විශිටතම දඟ පන්දුයවන්නාගේ සමුගැනීමේ තරඟයට පෙර එවැනි ප්‍රකාශයක් කිරීම කොතරම් සදාචාර සම්පන්නද ?, දක්ෂයට බොරු බැ.ඒත් අන්තිමේදී මුරලි කඩුලු 800 ත් සමගම තරඟයති දිනවල දුන්න.ඔන්න මිනිස්සු!!.හරි අපි හිතමු මුරලි කඩුලු 799 තියෙද්දි දුවද්දී දැවීයමක් සිදුවුනා කියල(එහෙම වෙන්නත් ගියා).එහෙම වුනානම් ඒකට විරුද්ධවත් විනය පරීක්ෂනයක් පවත්වවන්නෙ ලංකාවෙන්ද? නැත්නම් ඉන්දියාවෙන්ද?රන්දිව් ට විරුද්ධව විනය පරීකෂන කරන අය මුලින්ම කරන්න තියෙන්නෙ මේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයා ආරක්ෂාකිරීමයි.වරම ගත්තාසේ හැසිරෙන ඉන්දියානු මාධ්‍යය වලින් ඔහු බේරාගැනීමයි.

සුරාජ් ඉගෙනගත් මාතර රාහුල විදුහලේ විදුහල්පති තුමාගේ ප්‍රකාශය මේ සඳහා පිටුවහලක් වේයැයි සිතිය හැක.

A clever move by Randiv“.

මේ සඳහා අපිටත් ලොකු දෙයක් කරන්න පුලුවන් .අපි සමාජ ජාල අඩවි වල සුරාජ් රන්දීව් ගේ ප්‍රතිරූපයට හානිවනපරිදි කර ඇති විකෘති ලෙස  නිර්මානය කර ඇති පිටු පිලිබඳව වාර්තාකරමු .

Report this page !

ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයා ආරක්ෂාකරගමු, අපට කලහැකි දේ අපි කරමු!.ඔහුගේ ක්‍රීඩා දිවිය ආරම්භ වූවා පම්ණි,ඔහු තව බොහෝ දුර යායුතුය.මුරලි පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වෙද්දී ඔහු වෙනුවෙන් පෙනීසිටියාක් මෙන් මේ අවස්තාවේදී සුරාජ් රන්දීව්  රැකගැනීම අපේ වගකීම නොවේද?

ආශ්‍රිත ලිපි:

Categories: Topical
  1. August 18, 2010 at 10:41 pm

    Randiv is suspended 4 not lettin Shewag get a Hundred……..WOW SLC….brilliant..keep up the GD wrk…SLC is totally bankrupt……they r so dependent on BCCI…that’s the reason 4 all this shameless ass-kissing….this is way too much……:(.

  2. August 18, 2010 at 10:43 pm

    yaa….SLC is no independent body any more….its just another branch of the BCCI…..its all about money……:(…SLC is abandoning its players over a milestone of a single player….yet now every one knows who is the real cry baby is….:)

  3. August 19, 2010 at 7:22 am

    If that same ball become illegal and shewag caught out 99 at long off.Then what ?will he take the run?

  4. August 19, 2010 at 10:02 am

    මේක පැහැදිලිවම ඉන්දියාවේ සහ ශෙවාග්ගේ තියන බලුකම. තමන්ගේ නොහැකියාව වහගන්න වෙනකෙනෙකුට දෙස් තියනවා. අපේ ඔලමොට්ටලයෝ ටිකත් ඒවා පිලිගන්නවා. ඇත්තටම නෝ බොලයක් දාන්න ඕන වුනානම් ඔච්චර තඩි එකක්ම දාන්න ඕනද? මට හිතෙන්නේ සුරාජ්ට ඒ වෙලාවේ මානසික පීඩනය නිසා වුන දෙයක් කියලා.

    • August 19, 2010 at 10:40 am

      දිනුක අයියගෙ කතාව හරියටම හරි.
      මෙතනදි ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය කිසිම පදනමක් නැතිව තමයි ක්‍රියාකරල තියෙන්නෙ.මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පරමාදර්ශයක් දීමටනම් හෝ ශ්‍රිලංකා ක්‍රිකට් නාමයට සිදුවුණායැයි පැවසෙන ඊනියා අපකීර්තියක් නැතිකරගැනීමට නම්, කීමට ඇත්තේ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ෂෙවාග්ට කඩේ ගොස් ඇතිබවයි !.

  5. August 19, 2010 at 10:46 am

    මෙන්න ඉන්දියාවේ මහත්මා ක්‍රිකට්

    Shame on SLC !!

  6. MLS
    August 19, 2010 at 12:23 pm

    අපේ පාලකයන්ගේ කොන්ද පන නැතිකම තමයි මේකෙනුත් පෙන්නුවේ.

  7. Sachith
    August 19, 2010 at 12:42 pm

    මෙකෙන් පේන්නෙ Shewagලගෙ තියන බලුකම ඒ අතින් අපේ සංගල එක්ක බලනකොට මුං මොන බැටාලද මෙකට විනය පරීක්ෂන තියන පාලක මණ්ඩලේ එවුවන්ගෙ ඔලුව අතගාල බලන්න ඔනි අං තියද කියලා

  8. sandun
    August 19, 2010 at 1:51 pm

    randiv hithalama thamai ban eka yewwe..
    randiv babek nemeine..
    weraddak karama piliganna eka thamai mahathma gunaya..
    hodana eka nemei..

  9. August 19, 2010 at 2:39 pm

    රන්දීව් හිතලා තමයි යැව්වේ. ඒත් මොකද? එහෙම බෑ කියලා නීතියක් තියෙනවද? ඒකට out වුනානම් එතකොටත් කියනවද ඕක. ලංකවෙ Cricket board එකේ හාල් පාරුවෝ… වෙන රටක එකෙක් ඔයිට වඩා දෙයක් ලංන්කාවට කලත් ඒකටත් මුන් සමාව ඉල්ලන්න බැරි නෑ.

  10. August 19, 2010 at 5:31 pm

    හොඳ ලිපියක්. අපේ පාලක මණ්ඩලයේ නිවටබව තමයි. අපේ දුප්පත්කම වහගන්න මාස 2න් 2ට ඉන්දියාව එක්ක මැච් දාගන්නවා. ඒකට හරියන්න ඉන්දියාවෙ හිත සවුත්තු නොවී තියාගන්න හදනවා. ක්‍රිකට් ලෝකෙ කැරකෙන්නෙ ඉන්දියාව වටේ.

    හෙ හෙ …. ! මං ගානෙ දාපු කමෙන්ට්ස්සුත් තියෙනවා අර ෆේස් බුක් පේජ් එකේ පිංතූරෙ.

  11. August 19, 2010 at 10:44 pm

    Once upon a time,
    a bowler bowls 3 good balls,
    and then a no-ball.
    The batsman jumps down the track and hits a 6 for the no-ball!
    The bowler got suspended,
    because the batsman scored on the no-ball instead of scoring for a good ball.
    THAT DOESN’T MAKE ANY SENSE !!!

  12. September 9, 2010 at 1:35 pm

    හිතලා දානවනම් වයිඩ් එකක් දාන්නත් තිබුනනේ. ඔය වගේ දෙයක් නවකයෙක් අතින් වෙන එක මහා වැරැද්දක්ද?

  1. No trackbacks yet.

Leave a comment