Home > Ubuntu > ඔබේ අන්තර්ජාල සබඳතාවත් නිතර නිතර disconnect වෙනවද?

ඔබේ අන්තර්ජාල සබඳතාවත් නිතර නිතර disconnect වෙනවද?

ඔබ භාවිතාකරන ජංගම පුලුල්පරාස අන්තර්ජාල සබඳතාව(Mobile Broadband) නිතර නිතර ව්සන්දි (disconnect) වෙනවද?

වැඩිපුරම මේ ඇබැද්දියට මුහුන දෙන්න වෙන්නෙ නගරාසන්න පෙදෙස් වල අයට තමයි.හවස 7 න් විතර පස්සෙ connect වෙනවය කියන්නෙ ඉතින් ලොකු හපන්කමක් නෙ.එහෙම connect වුනත් මිනිත්තු ගනන්කින් ඉතින් සොරි තමයි.ඉතින් මල පැනල customer care එකට ගත්තම ඉතින් මේව තමයි කියන්නෙ.

  • 3G Signal නැතුව ඇති.
  • Mobile Partner එක Uninstall කරල ආපහු Install කරන්න.
  • Modem එක Unplug කරල ආපහු plug කරන්න.etc..

ඉඳල හිටල customer care දන්න කොල්ලෙක් කතා කලොත් මොනවහරි දෙයක් කරනව.වෙන කෙනෙක් ගත්තොතින් ඉතින් දන්නව නෙ….
ඉතින් මේ ගැන පැමිණිලි කරනවට වඩා හොඳයි කට බිම උලාගන්න එක.මට හිතෙන විදියට මෙයට ප්‍රධානම හේතුව ජාලයට දරාගත නොහැකි වන ප්‍රමාණයට සඹඳතා ලබාදීම නිසා ජාලයට ඇතිවන තදබදය.

හරි දැන් මෙහෙම තමයි වැඩේ කෙරෙන්න ඔන.වැඩේ හරිම සරලයි.
මුලින්ම NTM මෘදුකාංගය බාගතකරගන්න.මෙක නොමිලේම ලබාදෙන මෘදුකාංගයක්.Ubuntu 9.10 සමඟ තමයි අත්හදා බැලුවෙ.මෙක හදල තියෙන්නෙ අන්තර්ජාල දිනපතා භාවිත දත්ත ප්‍රමාණය මැනගැනීමට.මේකෙන් ගොඩක් තොරතුරු ලබාගන්න පුලුවන්.

  • මාසිකව භාවිතාකල දත්ත/කාලය ප්‍රමාණය.
  • භාවිතා වන අතුරු මුහුනත වෙනස්කිරීම.
  • මාසිකව හෝ දිනපතා බාවිත සීමා පැනවීම හා සීමා ඉක්ම යාමේදී සබඳතාව ස්වයංක්‍රීයව විසන්දි කරවීම.
  • දත්ත/කාල සීමා පිලිබඳ notifications.

තවත් බොහෝ දේ…

හරි දැන් ඒ භාගත කරගත් .deb file එක Gdebi package installer මගින් open කරන්න.

මෘදුකාංගය ස්තාපනය වුනාට පස්සෙ NTM icon 1 right click කරන්න.
Preference->General Tab එකේ
Online check:Ping Mode තෝරල(NetworkManager in to Ping Mode) apply කරන්න .

(මෙහෙම කලාම සඹඳතාව idle වෙන්න නොදී තබාගන්නව.ඒ කියන්නෙ හැම තත්පර ගනනක් පාසාම ඉතා කුඩා bit ප්‍රමාණයක් Upload හෝ Download වෙනව.එතකොට සඹඳතාව විසන්දි නොවී තියාගන්න පුලුවන්.)දැන් වැඩේ හරි.
මට නම් මේ ක්‍රමය සාර්ථක ප්‍රතිපල ලබාදුන්න. 🙂

ආශ්‍රිත ලිපි: http://netramon.sourceforge.net/eng/index.html

Advertisements
Categories: Ubuntu Tags: , , ,
  1. yohan
    September 10, 2010 at 11:03 pm

    mekanam bohoma loku dayak, thibuna loku karadarayak iwarai, bohoma sthuthi

  2. September 11, 2010 at 10:29 am

    me tike adsl slow wenne ai kiyala dannawada? o.O epa wela innaee..maata slow

  3. harsha
    September 11, 2010 at 7:58 pm

    meka windows XP walata danna berida?

    • September 11, 2010 at 9:29 pm

      මේක හදල තියෙන්නෙ Linux වලට.
      ඒ කියන්නෙ Windows Xp වලට මේක වැඩකරන්නේ නැ.

  4. රොෂාන් එරංග
    November 13, 2010 at 11:31 am

    ගොඩක් වැදගත් Software එකක්.Windows වලට මේ ආකාරයේ Software ගොඩක් තිබුණත් Linux වලට මේ වගේ තියෙන Software ගොඩක් අඩුයිනෙ. බොහොම ස්තූතියි.
    මේකෙන් Download වෙන ප්‍රමානය ප්‍රස්ථාරික ආකාරයෙන් (mobile Partner වල වගේ)බලාගන්න පුලුවන්ද?
    මේක Ubuntu 10.04 ට Support කරනවද?

  1. September 11, 2010 at 4:03 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: