Home > Entertaining > BnS වගේද DnS

BnS වගේද DnS

මේක දාන්න හිටපු පොස්ට් එකක් නම් නෙවෙයි.ඒත් නොදා ඉන්න බැරි කමට දාන්නෙ.
අපි කව්රුත් BnS ල ගැන දන්නව නේ.මේ කියන්න යන්නෙ ඒ වගේ අලුතින් ලාංකේය සංගීත කරලියට එන දිලුම් සහ සමීර (Dilum & Sameera) සුසන්යෝගය ගැන.වැඩි ව්ස්තරයක් නම් දන්නෙ නැ.කොහොම හරි අවුරුදු 5 කට විතර කලින් කලින් තමයි පටන්ගෙන තියෙන්නෙ.මේ දෙන්නම අධ්‍යාපන කටයුතු කරල තියෙන්නෙ කොළඹ ශාන්ත පීතර  විද්‍යාලයේ.

දිලුම් පීරිස්:
තනු සැකසීමෙහි සුවිසේෂ හැකියාවකින් සහ මනාව පුහුණු කරන ලද හඬකින් යුතු මොහු සංගීත නිර්මාණය දකින්නේ අමුතුම මානයකින්.ඔහු විශ්වාස කරන ආකාරයට ගී තනු නිර්මානයක් හරියට ශබ්ද තරංග සම්බන්ධ නවකතාවක් වැනිය.මානව හැඟීම් මනාව සංකලනය කරගනිමින් එය මනාව උද්දීපනය වන පරිදි තනු නිර්මාණය කිරීම ඔහුගේ විෂයයි.තවද මනාව යතුරුපුවරුව හසුරුවීමෙහි සහජ හකියාවකින් යුතු මොහු තනු නිර්මාණය කිරීමෙහි කදිම හපනෙකි.මීට අමතරව අලෙවිකරණය හා ශබ්ද පරිපාලන ඉංජීනේරු විද්‍යාව පිලිබඳ අති හසල දැනුම මොවුන්ගේ වෘත්තියමය හා සංගීතමය නිම්වලු නව ආරකට රැගෙනයනු නොඅනුමාණයි.

සමීර වීරවර්ණ:
ඔහුට අනුව ගීතයක් යනු වචන හා සංගීත තනුවක මිශ්‍රරණයක් නොවේ.එය ජීවිතය ඉතා සමීපව,සරලව හා   චමත්කාරජනක ලෙසවිඳීම සඳහා වූ ප්‍රයත්නයක්. ගායනය යනු හුදෙක් මානව හැගීම් හා මනෝ භාවයන් පමණක් නොව ඉන් එහා ගිය මිනිස් ආත්මයට ආමන්ත්‍රණය කරන මාර්ගයක්.කතාවට කියන්නෙ මෙයා කනෙනුත් තනු නිර්මානය කරනව කියල.මොහුටම අනණ්‍ය වූ හඬ පෞර්ෂය, ඔහු සතු සහජ හැකියාව සහ විශ්වාසය මනාව නියෝජනය කරයි.ඔහු ගේ භාව ප්‍රකාශණයන් හා ශබ්ද පරිපාලනය පිලිබඳ ඉන්ජිනේරුවකු ලෙස අති දැනුම දිගු ගමනකට මනා ශක්තියක් වනවාට කිසිඳු සැකයක් නැත.

දිගු ගමනක පෙරමග ලකුනු සනිටුහන් කරමින් “මට ඔයා ” කියල තමයි මේ දෙන්නගෙ කුළුඳුල් නිර්මාණය නම්කරල තියෙන්නෙ.සින්දුවට පාදකවෙලා තියෙන්නෙ ආදර කතාවක් .පද රචනය කරල තියෙන්නෙ සමීර වීරවර්ණ.රූප රචනය කරල තියෙන්නෙ dream effects ප්‍රසාද් රණසිංහ.
තව ටික දවසකින් මේම නව රූපරචනය බලාගන්න පුලුවන්.
ලාංකීය සංගීතය අන්තර්ජාතික තලයට ගෙන ඒම සඳහා වූ මොවුන් ගේ ඉලක්කය සහ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවනු ඇත…

කැමති අයට මේ සැබැඳියෙන් ඔව්න් හා මුහුනු පොතෙන් එක්වෙන්න පුලුවන්.

Advertisements
Categories: Entertaining Tags: ,
  1. October 18, 2010 at 8:37 am

    thanks for the info

  2. November 11, 2010 at 6:25 pm

    මචං උබේ බ්ලොක්කයට හොද එකක් දාගනින් මෙතනින්. http://btemplates.com/
    ලස්සන ටිකක් මදි වගේ. තරහවෙන්න එපා හොදේ.
    template.zip ෆයිල් එක බාගෙන extract කරලා.
    blogger.com ලොගින් වෙලා design–>edit html–> Browse

  3. November 11, 2010 at 6:25 pm

    මචං උබේ බ්ලොක්කයට හොද template එකක් දාගනින් මෙතනින්. http://btemplates.com/
    ලස්සන ටිකක් මදි වගේ. තරහවෙන්න එපා හොදේ.
    template.zip ෆයිල් එක බාගෙන extract කරලා.
    blogger.com ලොගින් වෙලා design–>edit html–> Browse

    • November 12, 2010 at 3:24 pm

      මචන් මේ “බ්ලොක්කය”(බොලොගය) wordpress.com එකේ හදල තියෙන්නේ (blogger.com නෙවෙයි).wordpress.com ඒකේ ටිකක් වෙනස් blogger.com වලට වඩා.මම දන්න විදියට ඔය වැඩේ wordpress.com වල කරන්න බැ.
      ඒ මොනව උනත් බොහොම ස්තුතියි….

  4. namal
    November 18, 2011 at 5:28 pm

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: