Home > Entertaining > පරණ කතාවක්…..

පරණ කතාවක්…..

ඔන්න විද්‍යඥයො කන්ඩායමක් වඳුරො 5 ක් කූඩුවක දාල කූඩුව මැද්දෙන් ඉනිමගක් තිව්ව.ඒ විතරක් නෙවේ ඉනිමග මුදුනෙන්ම කෙසෙල් ඇවරියකුත්.වඳුරෙක් ඉනිමගේ නගින්න හදන හැම වේලාවෙම ඉතුරු වඳුරො 4 දෙනාම සීතල වතුරෙන් නැහැවෙන විදියට තමයි වැඩේ සැලසුම්කලේ.මේක හින්ද වඳුරෙක් ඉනිමගේ නගින්න හදන හැම වෙලාවකම ඉතුරු වඳුරො ටික එකතුවෙලා ඌට තඩිබානව…..

ටික වෙලාවකට පස්සෙ වඳුරො නෙවෙයි ඉනිමගේ නඟින්න හිතුවෙ. වඳුරො ඔක්කොටම කෙසෙල් කන්න තිබුනු ආසාව එන්න එන්නම නැතිවුනා.

ඊට පස්සෙ විද්‍යාඥයො ටික කල්පනාකලා වෙනත් එක වඳුරෙක් වෙනුවට තවත් වඳුරෙක් ආදේශ කරන්න.
ඉතින් මේ සීන් එක ගැන දන්නෙ නැති අලුත් වඳුරා මුලින්ම කලේ ඉනිමග නගින හදපු එක.වැඩි වෙලා ගියෙ නැ පරන වඳුරො සෙට් එක ඌට මදි නොකියන්න සැලකුව.ඒත් හරිගියෙ නැ.නගින්නමයි හදන්නෙ.කොහොමෙන් කොහොම හරි අන්න්තිමේදි අලුත් එකා ඉගෙනගත්ත මොන දේ වුනත් මමනම් නෙවි මේකෙ නගින්නෙ කියල…(හැබැයි ඒ ඇයි කියල ඌ තාම දන්නෙ නැ ).

දැන් (දෙවනි වඳුර) ආදේශකලා, මුලින් වුන සීන් එකම ඌටත් මුහුනදෙන්න වුනා. වැඩේ කියන්නෙ මුලින්ම ආදේශකලරපු වඳුරත් ගුටි පූජාවට බැහැලම සම්බන්ඳවුනා.මේ විදියට තවත් වඳුරෙකුත්(තුන්වෙනි වඳුර) ආදේශ කලා, මේ විදියට දිගටම ආදේසෙ සිද්දවෙද්දි ගුටි පූජාව දිගටම සිද්දවුනා….අන්තිමේදි අවසාන වඳුරත්(පස්වෙනි වඳුර) ආදේශ කලා. දැන් කූඩුවෙ ඉන්න වඳුරො එකෙක්වත් සීතල වතුර නම් නාල නැ.ඒ උනාට ගුටි පූජාව දිගටම කරගෙන ගියා.ඒත් මේ එකෙක්වත් ඇයි එහෙම ඉනිමග දිගේ උඩට යන්න නොදුන්නෙ ඇයි කියල අහන්න පුලුවන්කනම තියෙද්දිත් එහම කලේ නැ.ඒත් එහෙම ඇහුවනම් උත්තරේ මෙහෙම වෙන්නත් තිබුන.”මම දන්නෙ නැ- මෙතන වැඩ සිද්ධ වෙන්නෙ එහෙම තමා “. හ්ම්ම් …. ටිකක් අහල පුරුදුයි වගේ නේ…..

මේක මට ආපු email එකක තිබුනෙ.ටිකක් අහල පුරුදුයි වගේ නිසා හිතුන බෙදාගන්න.

Categories: Entertaining
  1. sudaraka
    December 14, 2010 at 7:24 am

    very interesting post.I like it very much thanks

  2. මද්දු
    December 14, 2010 at 11:23 am

    මට ඕක කියෙව්වාම මතක් වෙන්නේ අපේ රටේ කැම්පස් වල රැග් එක…උන් මට ගැහුවා..ඒක නිසා මාත් ගහනව…ඇත්ත හේතුවක් දන්නෙ නෑ..
    හරිම රසවත් කතාව!

  3. December 14, 2010 at 2:34 pm

    කතාව නියමයි, ඒ එක්කම ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දෙනවා.

  4. January 4, 2011 at 8:29 pm

    ha ha haaaa

  1. No trackbacks yet.

Leave a reply to Anonymous Cancel reply