Archive

Archive for February, 2011

2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව.

මේ දවස්වල ක්‍රිකට් සින්දු ගොඩක් ඇහෙනව නේ . ඒ අතරෙ මම අහපු 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව තමයි මේ.පදරචනය,සංගීතය වගේම රූපරචනය නියමෙටම කරල තියනව.”කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ ” යන තේමාවෙන් මෙහි පද රචනය කරල තියෙන්නෙ බන්දුල නානයක්කාරවසම් මහතා අතින්.රංග දසනායකගායනය අතින් සංගීතවත්වන මෙම ගීතය ගායනාකරන්නෙ නිමන්ත හේෂාන්.මම මේ සිංදුවෙ වැඩියෙන්ම කැමති පද පෙලට.කියවලම බලන්නකො …(කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්නවත් නවසිලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නවත් නෙවෙයි . කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ..)

කොයි අතකින් නැඟුනත් මහකඳු මුඳුනට – එක දසුනයි දිස්වෙන්නේ…
කොයි දෙසෙකින් ආවත් ඔබ අප හැම – එක් අරමුනකයි ඉන්නේ…
කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් – සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ – එකම ලෙයයි දිවයන්නේ…

අපි ලකුණු හඹා ඇදෙමු..
අපි කඩුලු ලබාගනිමූ..
ජය-පරාජය ද විඳිමූ….
ආදරය බෙදාගනිමූ… //

නිල්දිය දහරින් සිසිල අරන් එමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (මිහිමඬලේ සුවය සදමූ)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(මිහිමඬලේ සුවය සදමූ)

කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් ..
සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ ….
එකම ලෙයයි දිවයන්නේ…..

නිල් දිය දහරින් සිසිල අරන් එමූ.. (අපි ලකුණු හඹා ඇදෙමු..)
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (අපි කඩුලු ලබාගනිමූ..)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (ජය-පරාජය ද විඳිමූ.. )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(ආදරය බෙදාගනිමූ..)

ගීතය: නිල් දිය දහරින්
ගායනය: නිමන්ත හේෂාන්
පදරචනය: බන්දුල නානයක්කාරවසම්
සංගීතය: රංග දසනායක
නිෂ්පාදනය: තිනෙත්
සිනමා ශිල්පය: ධම්මික රත්නායක (Helium180° )
අධ්‍යක්ෂණය: රවිඳු හන්වැල්ල (Helium180°)

Categories: Entertaining

සූරිය වැව ක්‍රීඩාංගනයේ අලුත්ම ඡායාරූප එකතුව.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත සූරිය වැව ක්‍රීඩාංගනයේ අලුත්ම(10/02/2011) ඡායාරූප එකතුව.කොළඹ සිට කිලෝ මීටර 204 ක දුරින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ ඉදිවන මෙහි වැඩ 2009 මැයි 17 වන දින වැඩකටයුතු ආරම්භ කරන ලදි.ශ්‍රී ලංකාවේ ඉදිවන 7 වැනි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය වන මෙය අක්‌කර 46 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර යන අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නියමයට අනුව ප්‍රේක්‍ෂකයන් 35000 කට තරග නැරඹිය හැකි පරිදි ඉදිවෙයි.මෙම ක්‍රීඩාංගණය දිවා රාත්‍රි ක්‍රීඩාංගණයක්‌ වන අතර තණතීරු 10 කින් සමන්විත වෙයි.

This slideshow requires JavaScript.


Categories: Entertaining, Topical Tags:

අපි නොදන්න චෙස්……

මේක සිද්ධවුනේ වින්ඩෝස් 7 වල තියන චෙස් අදිනකොට.මුලින්ම මේක බලලම ඉන්නකො.කලු පෝන් ,සුදු පෝන්ව කපන විදිය බලන්න….ටිකක් අමුතුයි වගේ නේද?

චෙස් ගැන විදිමත් විදියට අපි ඉගෙනගෙන නැ නේ.ඔය බලාගෙන ඉඳල ඉගෙනගතපු දෙයක් තමයි ඉතින්.මුලින්ම මේක දැකපුගමන් හිතුවෙ බිල්ගේට්ස් ට වැරදිලා කියල.පස්සෙ තමයි සීන් එක දැනගත්තේ. මම හිතන විදියට මේක ගොඩක් දෙනෙක් එච්චර දන්න දෙයක් නම් නෙවේයි.මේක බලපාන්නෙ පෝන් ( pawn ) ට. මේකට ” En passant” කියල තමයි ප්‍රංශ භාෂාවෙන් කියන්නෙ.කඩ්ඩෙන්නම්  In passing.ඒ කියන්නෙ මේක චෙස් නී(රී)තියක්.

මේ විදියට පෝන්ගෙන් කපන්න පුලුවන් වෙන්න නම් මේ කොන්දේසි ටික සපුරන්න ඕන.

  1. En-passant ඇදීම කරන පෝන් ,5 හේ ( 5th rank ) ඉන්න ඕන.
  2. ආසන්න කොටුවක ඉන්න ප්‍රතිවිරුද්ධ පෝන්ගෙ ආරම්භක ඇදීම ,ඒකගෙ ආරම්භක ස්තානයේ ඉඳල කොටු 2 ක් ඉස්සරහට සිදුවිය යුතුයි.
  3. දැන් ප්‍රතිවිරුද්ධ පෝන් එක කොටුවක් ඉස්සරහට ඇදපු ලෙස සලකා කපා දැමිය හැක.
  4. හැබැයි ඒ කැපීම(හසුකරගැනීම) මුල් අවස්තාවෙදිම කරන්න ඕන. (2 වන පියවර සිදුවෙලා ඇදීමේ වාරය ලද මුල් අවස්තාවදීම )

ඔන්න ඔය කොන්දේසි ටික තියනවනම් “En passant” ඇදිල්ල කරන්න පුලුවන්..

ආශ්‍රිත ලිපි: http://en.wikipedia.org/wiki/En_passant

Categories: Entertaining Tags: