Home > Entertaining > 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව.

2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව.

මේ දවස්වල ක්‍රිකට් සින්දු ගොඩක් ඇහෙනව නේ . ඒ අතරෙ මම අහපු 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව තමයි මේ.පදරචනය,සංගීතය වගේම රූපරචනය නියමෙටම කරල තියනව.”කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ ” යන තේමාවෙන් මෙහි පද රචනය කරල තියෙන්නෙ බන්දුල නානයක්කාරවසම් මහතා අතින්.රංග දසනායකගායනය අතින් සංගීතවත්වන මෙම ගීතය ගායනාකරන්නෙ නිමන්ත හේෂාන්.මම මේ සිංදුවෙ වැඩියෙන්ම කැමති පද පෙලට.කියවලම බලන්නකො …(කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්නවත් නවසිලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නවත් නෙවෙයි . කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ..)

කොයි අතකින් නැඟුනත් මහකඳු මුඳුනට – එක දසුනයි දිස්වෙන්නේ…
කොයි දෙසෙකින් ආවත් ඔබ අප හැම – එක් අරමුනකයි ඉන්නේ…
කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් – සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ – එකම ලෙයයි දිවයන්නේ…

අපි ලකුණු හඹා ඇදෙමු..
අපි කඩුලු ලබාගනිමූ..
ජය-පරාජය ද විඳිමූ….
ආදරය බෙදාගනිමූ… //

නිල්දිය දහරින් සිසිල අරන් එමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (මිහිමඬලේ සුවය සදමූ)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(මිහිමඬලේ සුවය සදමූ)

කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් ..
සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ ….
එකම ලෙයයි දිවයන්නේ…..

නිල් දිය දහරින් සිසිල අරන් එමූ.. (අපි ලකුණු හඹා ඇදෙමු..)
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (අපි කඩුලු ලබාගනිමූ..)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (ජය-පරාජය ද විඳිමූ.. )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(ආදරය බෙදාගනිමූ..)

ගීතය: නිල් දිය දහරින්
ගායනය: නිමන්ත හේෂාන්
පදරචනය: බන්දුල නානයක්කාරවසම්
සංගීතය: රංග දසනායක
නිෂ්පාදනය: තිනෙත්
සිනමා ශිල්පය: ධම්මික රත්නායක (Helium180° )
අධ්‍යක්ෂණය: රවිඳු හන්වැල්ල (Helium180°)

Advertisements
Categories: Entertaining
  1. uthpala
    February 17, 2011 at 12:28 pm

    good job dude..! 🙂

  2. :Dee
    February 17, 2011 at 4:50 pm

    කිසිම ශ්‍රීලාන්කික ගතියක් නැ නෙ
    මේක හොදයි ICC එකේ නිල ගීතය විදිහට නම්

    • February 17, 2011 at 7:47 pm

      හැබැයි මටනම් ඒ කතාවට(ශ්‍රීලාන්කික ගතියක් නැ කියන එකට) ව්කඟ වෙන්න බැ..
      රූප රචනය පුරාම ශ්‍රීලාංකීය ගතිය දකින්න පුලුවන්..

  3. February 17, 2011 at 10:51 pm

    සුපිරියි

  4. Chinthana
    March 4, 2011 at 12:15 am

    නියමයි නියමයි…………

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: