Archive

Archive for May, 2011

ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට….

සීඝ්‍රයෙන් දියුණුවන ලෝකයේ උවමනා සහ අවශ්‍යතා සපුරාලීම සඳහා හැකියාවෙන් සහ නිපුණතාවයෙන් යුතු අනාගත විද්‍යාඥයන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව 1962 දී ආරම්භකරන ලද පේරාදෙණිය විද්‍යාපීඨය ( එවකට ලංකා විද්‍යාලය) මේ වනවිට අවුරුදු 50කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියයි. එදා මෙදාතුර විද්‍යාපීඨය ඉතිහාසය තුල දැයට බිහිකර ඇති විද්‍යාඥයන්,ගණිතඥයන්,ව්‍යවසායකයන් සහ බුදධිමතුන් ගණන අපමණය. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමක් සිදු නොවුවද , උපාධිය සම්පූර්ණ කරගැනීමට අවැසි අමතර වියදම් පියවාගැනීම වත්මන් උපාදි අපේක්ෂකයන් මුහුනපාන ප්‍රධාන බාධකයක් බව නොරහසකි. අඩු ආදායම්ලාභී සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් එක් ශිෂ්‍යත්ව ලාභියකු සඳහා මසකට රු2500 ක දීමනාවක් ලබාදුන්නද තවමත් සමහර සිසුන්ගේ අමතර වියදම් (ආහර,ලිපිද්‍රව්‍ය,නේවාසික ස්ථාන යනාදීය) සඳහා අවැසි මුදල් සොයාගැනීමෙහි ලා විශාල අරගලයක යෙදීසිටී.
මෙම තත්වය කොතරම් දරුණු වීදයත් සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් වසරකට පීඨය හැරයන අතර ඔවුන් අතරින් සමහරෙක් තම පවුල නඩත්තුකිරීම සඳහා විවිධාකාර රැකියා වල නිරතවන අතර තවත් සමහරෙක් ජීවිතය ගැන ඇතිවූ කලකිරීමෙන්ම පැවිදි දිවියට පාතැබූ අවස්ථා මෑත ඉතිහාසයේ අසන්නට දකින්නට ලැබුණි. මෙවැනි අවාසනාවන්ත තත්වයන් තවදුරටත් ඇතිනොවීමට සහ එවැනි මූල්‍යමය අපහසුතාවයන්ගෙන් පීඩිත සිසුන්ට සරණක් වීමේ උතුම් අරමුණ පෙරදැරිව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් 1993 වසරේදී ‘ණැනසර’ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන ලදි. මෙය ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන් කණ්ඩායමේ අවශ්‍යතා ඇති සිසුන් හඳුනාගෙන ඒ අතරින් කිහිපදෙනකු සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදි.
කල්යත්ම ,එනම් 2011 වසරේදී විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් අරමුදලේ ප්‍රමාණය වැඩිකිරීම සඳහා තීරණයක් ගන්න ලදි. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමටත් ඉන් ලැබෙන පොලී මුදල මගින් නොනවත්වා ශිෂ්‍යත්ව ලබාදීමටත් තීරණය වුණි. ඒ අනුව පේරදෙණිය ලංකා බැංකුවෙහි ගිණුම් අංක 588-9223445 යටතේ ණැනසර අරමුදල සඳහා වූ ගිණුම අරඹන ලදි. ආරම්භයේදී සිසුන්ගේ ශ්‍රම මහන්සියෙන් එකතුකරගත් මුදල රු134,00 ක් පමණ වු අතර ඒ සඳහා කැට ව්‍යාපාර,පොත් සලකුනු හා ස්ටිකර් මුද්‍රණයෙන් ලද මුදල් අයත්වුනි. මේ වනවිට ණැනසර ශිෂ්‍යත්ව අරමුදල රු200,000 ඉක්මවා ඇත. ශිෂ්‍යත්ව ලබාගැනීමට සඳහා සුදුසුකම් ඇති සිසුන් තෝරාගැනීම සඳහා වූ ක්‍රියාපටිපාටිය අධ්‍යයන කාර්ය්‍ය මණ්ඩලයේ අධීක්ෂනය සහ මගපෙන්වීම යටතේ සිදුවන අතර, එක් සිසුවකුට මසකට රු500 ක් බැගින් වූ ශිෂ්‍යත්ව 5 ක් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා වූ මාස 10 ක් සඳහා ලබාදීමට දැනටමත් කටයුතු කර ඇත.
‘ණැනසරට වැයෙන සත්සරය’ තේමාපාඨය පෙරදැරිව ගීතාංජලි සංගීත ප්‍රසංගය 2009 වසරේ පැවැත්වුණි . ඒ සඳහා නාලක අංජන කුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සැපයූ අතර ටී.එම ජයරත්න, දීපිකා ප්‍රියදර්ෂණී පීරිස්, බණ්‍ඩාර අතාවුද,ක්‍රිෂාන්ත එරන්දක හා දයාන් විතාරණ ගීත ගායනයෙන් සම්බන්ධවිය. ණැනසර ශිෂ්‍යත්ව අරමුදල තරකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලබන “ගීතාංජලී ” සංගීත රාත්‍රිය අතිඋත්කර්ෂවත්ලෙස මෙවරද පැවැතීමට සියලු කටයුතු මේවනවිටත් සූදානම්වෙමින් පවතී. විද්‍යාපීඨ පලමු,දෙවන සහ තෙවන වසරවල සිසුන්ගේ දායකතවයෙන් මෙම ප්‍රසංගයේ කටයුතු සංවිධානය සඳහා ලැබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පීඨ 9 ක සහභාගීත්වයෙන් මෙවර ‘ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට’ , අමරසිරි පීරිස් සමඟින් කසුන් කල්හාර ගීතවත් වන ‘ගීතාංජලී 2011’ සංගීත සන්ද්‍යාව, නාලක අංජනකුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් මැයි 5 වන බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව උපුල් ශාන්ත සන්නස්ගල ගීපද විවරණයෙන් හා නාරද බක්මීවැව මෙහෙයවීමෙන් දායකත්වය ලබාදේ.

වැඩි විස්තර සඳහා:http://www.facebook.com/#!/home.php?sk=group_213951615281554

This slideshow requires JavaScript.

Advertisements
Categories: Entertaining, Topical Tags: