Archive

Archive for June, 2011

Ubuntu ද? එහෙනම් කියවන්න..

උබුන්ටු 11.04 පෙරනිමියෙන් එන unity ඩෙස්ක්ටොප් එකේ වාසි මෙන්ම අවාසිත් තියනවා. ප්‍රදාන ලෙසම Gnome pannel applets වල අඩුව දැනෙනව . නමුත් එම අඩුව පිරවීමට සමත් indicator applets unity ඩෙස්ක්ටොප් පරිසරයට නිර්මානය කර තිබුනත් ( උදා: Sys peek applet) සමහරක් ඒවා තවමත් එතරම් දියුනු මට්ටමේ නැ.Gnome වලට වඩා Unity හි ඇති එකම වාසිය ලෙස මම දකින්නේ title bar එක වින්ඩෝව විශාල වන විට ඉහල තියන pannel එකට ගොනුවීමෙන් තිරයේ ව්ශාල ඉඩක්(Menue bar+ Title bar) ඉතිරිකර දීමයි.අනිත් කරුණ තමයි classic ubuntu පරිසරයට (Gnome ඩෙස්ක්ටොප් )ඇබ්බැහිවී/හුරුවී සිටීමයි. පහත රූප වල දකුණුපස ඉහල බලන්න.

මේ ආකාරයට classic ubuntu පරිසරය සකසාගන්න එක හරිම ලේසියෙන් කරන්න පුලුවන්.මෙහෙම කලාම වින්ඩෝව විශාලිත අවස්තාවේදී පමනක් Menue bar එක Title bar එක සහ Window Buttons මෙන්න මේ විදියට Pannel එකට එකතුවෙන අතර වින්ඩෝව කුඩා විට සාමාන්‍යපරිදි වැඩ කරනව.

  1. මුලින්ම සුපුරුදු ලොගින් අතුරු මුහුනතේන් ubuntu classic තෝරගන්න.
  2. ඊට පස්සෙ මේ pannel applet 2ක Synaptic එකෙන් install කරන්න.Indicator Applet Application Menu සහ Window Buttons.
  3. දැන් pannel එකේ කැමති තැනකට ඒවා එකතු කරන්න.දැන් Window Buttons සඳහා කැමති/සුදුසු button තීම් එක Preference වලින් තෝරන්න.(Preference වලින් කැමති/සුදුසු පරිදි මෙම Window Buttons හැසිරීම වෙනස්කරන්නත් පුලුවන්.)
  4. දැන් තියෙන්නෙ විශාලිත වින්ඩෝවල title bars ඉවත්කිරීමයි.මේ සඳහා ccsm(CompizConfig Settings Manager) install කර තියෙන්න ඕන.දැන් System→Preferences→CompizConfig Settings Manager හි Window Decorations සොයා Decoration Windows හි any වෙනුවට !state=maxvert ලෙස සකස් කරන්න .

එච්චරයි 🙂
ආශ්‍රිත ලිපි:

  1. http://ubuntuguide.net/substitute-maximized-window-title-and-buttons-with-gnome-panel-applets
  2. http://vmlinux.org/jocke/blog/gnome/hide-decoration-on-maximize
Advertisements

ජංගම දුරකථන රඳවනයක් හදමු

මේ කියන්න හදන්නෙ වැඩක් නැති වෙලාවට කරන්න පුලුවන් පොඩි නිර්මාණයක්.ඒ කිව්වෙ ජංගම දුරකථන රඳවනයක් නිවසේදීම හදාගන්න හැටි.

වැඩේට ඕන වෙන්නෙ

  1. ඉවත දමන pvc වැහි පීල්ලක කොටසක්,
  2. කියත්පටියක්,
  3. ඉටිපන්දමක්,
  4. අඬුවක්.

මුලින්ම phone එකේ ප්‍රමාණයට ටිකක් වැඩි[ (phone එකේ පළල) +(ඝනකම×2)] කොටසක් කපාගන්න.ඝනකම×2 කිව්වෙ පැති ආදාරක දෙකට .

දැන් පීල්ලෙ දෙපස කොටස් තදින් ඇතුලට නවන්න.
(පීල්ලේ දිගම කොටස තමයි යටට හිටින්නෙ,පීල්ලෙ මැද කොටසෙ තමයි phone එක හිටින්නෙ).අවසානයේදී කිසිම බලයක් දෙන්නෙ නැතිව නවාගත් පීල්ල මෙන්න මෙහෙම තියෙන්න ඕන.තදින් නවන්න(එහෙම හිටින්නෙ නැත්තම් ඕනෙනම් අන්තිමටම වැඩේ ඉවර වුනාම පොඩි බකට් කම්බියකින් පැති දෙක එකතුකරන්න පුලුවන්.)දැන් පැති ආදාරක 2 ඉතුරුවෙන පරිදි phone එකේ පළල ඉරකින් පීල්ලෙ සලකුණු කරගෙන ඒ දිගේ කියත් පටියෙන් කපන්න.ටික වෙලාවක් නම් යනව වැඩේට.

හරි , දැන් මේ පේන්න තියන තීරු කපල ඉවත්කරල, අර ඉතුරු කරගත් පැති ආදාරක දෙක අඬුවෙන් ඇතුලට නවන්න.
දැන් ඉතුරු pvc වැහි පීල්ලෙන් තවත් කොටසක් phone එකේ පළලට 1cm විතර අඩුවෙන් කපාගන්න.

ඊලඟ පියවර ටිකක් ඉවසීමෙන් කරන්න ඕන, නැත්නම් කරපු ඔක්කොම වතුරෙ.දැන් ඒ කපාගත් කොටසේ පළල ප්‍රමාණයට හා මහතට හරියටම ගැලපෙන පරිදි කැපුමක් කියත්පටිය රත්කරල හරහට යොදන්න(ඒ කියන්නෙ කපාගත් කොටස රිංගවන්න පුලුවන් තරමේ වන හරස් කැපුමක්) .ඒක ටිකක් හිරට වන තරමට හොඳයි.

දැන් කරන්න තියෙන්නෙ අර කපාගත් කොටස හරස් කැපුම තුලට රිංගවන එක. කැමති පරිදි දිග සකසාගැනීමත් , එමගින් ආනතිය වෙනස්කිරීමටත් හැකියාව මෙමගින් ලැබෙනව.අන්තිමට මෙන්න මේ වගේ තමයි පේන්නෙ.

හරි. දැන් වැඩේ ඉවරයි. කැමතිනම් charger pin සිදුරක් දාන්නත් පුලුවන්.

This slideshow requires JavaScript.

Categories: Tech Tags: