Archive

Archive for January, 2014

ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී….

දෙතොල් තෙලිතුඩින්
රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ
හෙමින් අතුරලා
මගෙ ලයට තුරුලු වී
හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ
සුපෙම් සිත්තරී

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී

රෑ දවසේ නොමැකී
ලා සඳ සේ සැප දී
රෑ මියෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී

පාලු යහන් පෙරදා
සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ
හුස්මක් සේ ඇවිදින්

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී

ගායනය – සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය – කැලුම් ශ්‍රීමාල්
තනු නිර්මාණය – නලින් පෙරේරා (මේරියන්ස්)

Download .mp3