Archive

Archive for the ‘Entertaining’ Category

පාවී හැරගියා මා සිතුවම්…

පාවී හැරගියා මා සිතුවම් – නොමවිසු වසන්තේ මනරම් ..//

ඉතින් අයෙත් එන්නේ නෑ …
ඔබට මා හමුවන්න බෑ …
සොදුරු වු මේ ලොකයේ …
අපට අප හිමි නෑ…

මියුරු කවි කම් මාරුතේ මන්මුලා වු ගී පොතේ…
ඔබට ලියවුනු ගීතයේ බොළඳ සිතුවම් නෑ…
ඔබට පමණයි ආදරේ ජීවිතේ සිහිනේ…
නොම විසූ රන්විජිතයේ සිතින් මම වෙසෙමි…

ගායනය: Anushka Mendis
Download: mp3

Categories: Entertaining, Music

මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා….

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා….

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේ ම යළි සොයනා
මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා….

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුව ම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළු ම වගුරුවනා
මට මගේ නොවන – මගේ ම ආදරයක් තිබුණා….

පද රචනය : අමිල තේනුවර
ගායනය: අමරසිරි පීරිස්.

Categories: Entertaining, Music

මා දෙනෙත් පියවීලා…

මා දෙනෙත් පියවිලා...
මා සුසුම් සිරවෙලා...
යන තුරා දිවිමගේ ....
ඔබ පමණයි සිහිනේ සදා....//

තුරුලේ නැලවි එදා..
කීව පෙම් ගී කතා... 
සුළගේ මුසුවි ගියා...
ඔබව මතකේ තියා.....

ලාදළු මල්පෙති පවා...
මිහිමතේ සෑත්පිලා...
ඔබත් යලි නෑ කියා...
හිරුත් අවරට ගියා...

මා දෙනෙත් පියවිලා...
මා සුසුම් සිරවෙලා...
යන තුරා දිවිමගේ ....
ඔබ පමණයි සිහිනේ සදා...



Vocals - Saranga Disasekara
Music - Sanka Dineth
Lyrics - Nalin De Silva

දෑසින් පෑ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා   ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

පද රචනය: මනුරංග විජේසේකර
ගායනය: ළහිරු පෙරේරා

රූබික් කැටයක් විසඳන සරලම ඇල්ගොරිතමය

රූබික් කැටයක් විසඳන එක ටිකක් අමාරු වැඩක්.  ඒකට ඇල්ගොරිතමයක්(Algorithm) සොයාගන්න එක ඊටත්  අමාරුයි. ඒත් ශ්‍රීලාංකිකයෙක් විසින් ඒ කටයුත්ත ඉතා සාර්ථකව ඉටුකර තිබෙනවා. මෙම ක්‍රමයේ ඇති සුවිශේෂත්වය තමයි එහි ඇති සරල බව. ඇත්තෙන්ම එය එදා මෙදා තුර මිනිසකු විසින්  සොයාගත් පහසුම රූබික්  කැට විසඳුමයි. මිනිත්තු 10 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල ඉතා සරල සිංහලෙන් ඔහු විසින් එම ඇල්ගොරිතමය(Algorithm) පැහැදිලිකල ආකාරය ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මෙසේ පිරිනැමෙන වගයි !

ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට….

සීඝ්‍රයෙන් දියුණුවන ලෝකයේ උවමනා සහ අවශ්‍යතා සපුරාලීම සඳහා හැකියාවෙන් සහ නිපුණතාවයෙන් යුතු අනාගත විද්‍යාඥයන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව 1962 දී ආරම්භකරන ලද පේරාදෙණිය විද්‍යාපීඨය ( එවකට ලංකා විද්‍යාලය) මේ වනවිට අවුරුදු 50කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියයි. එදා මෙදාතුර විද්‍යාපීඨය ඉතිහාසය තුල දැයට බිහිකර ඇති විද්‍යාඥයන්,ගණිතඥයන්,ව්‍යවසායකයන් සහ බුදධිමතුන් ගණන අපමණය. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමක් සිදු නොවුවද , උපාධිය සම්පූර්ණ කරගැනීමට අවැසි අමතර වියදම් පියවාගැනීම වත්මන් උපාදි අපේක්ෂකයන් මුහුනපාන ප්‍රධාන බාධකයක් බව නොරහසකි. අඩු ආදායම්ලාභී සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් එක් ශිෂ්‍යත්ව ලාභියකු සඳහා මසකට රු2500 ක දීමනාවක් ලබාදුන්නද තවමත් සමහර සිසුන්ගේ අමතර වියදම් (ආහර,ලිපිද්‍රව්‍ය,නේවාසික ස්ථාන යනාදීය) සඳහා අවැසි මුදල් සොයාගැනීමෙහි ලා විශාල අරගලයක යෙදීසිටී.
මෙම තත්වය කොතරම් දරුණු වීදයත් සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් වසරකට පීඨය හැරයන අතර ඔවුන් අතරින් සමහරෙක් තම පවුල නඩත්තුකිරීම සඳහා විවිධාකාර රැකියා වල නිරතවන අතර තවත් සමහරෙක් ජීවිතය ගැන ඇතිවූ කලකිරීමෙන්ම පැවිදි දිවියට පාතැබූ අවස්ථා මෑත ඉතිහාසයේ අසන්නට දකින්නට ලැබුණි. මෙවැනි අවාසනාවන්ත තත්වයන් තවදුරටත් ඇතිනොවීමට සහ එවැනි මූල්‍යමය අපහසුතාවයන්ගෙන් පීඩිත සිසුන්ට සරණක් වීමේ උතුම් අරමුණ පෙරදැරිව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් 1993 වසරේදී ‘ණැනසර’ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන ලදි. මෙය ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන් කණ්ඩායමේ අවශ්‍යතා ඇති සිසුන් හඳුනාගෙන ඒ අතරින් කිහිපදෙනකු සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදි.
කල්යත්ම ,එනම් 2011 වසරේදී විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් අරමුදලේ ප්‍රමාණය වැඩිකිරීම සඳහා තීරණයක් ගන්න ලදි. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමටත් ඉන් ලැබෙන පොලී මුදල මගින් නොනවත්වා ශිෂ්‍යත්ව ලබාදීමටත් තීරණය වුණි. ඒ අනුව පේරදෙණිය ලංකා බැංකුවෙහි ගිණුම් අංක 588-9223445 යටතේ ණැනසර අරමුදල සඳහා වූ ගිණුම අරඹන ලදි. ආරම්භයේදී සිසුන්ගේ ශ්‍රම මහන්සියෙන් එකතුකරගත් මුදල රු134,00 ක් පමණ වු අතර ඒ සඳහා කැට ව්‍යාපාර,පොත් සලකුනු හා ස්ටිකර් මුද්‍රණයෙන් ලද මුදල් අයත්වුනි. මේ වනවිට ණැනසර ශිෂ්‍යත්ව අරමුදල රු200,000 ඉක්මවා ඇත. ශිෂ්‍යත්ව ලබාගැනීමට සඳහා සුදුසුකම් ඇති සිසුන් තෝරාගැනීම සඳහා වූ ක්‍රියාපටිපාටිය අධ්‍යයන කාර්ය්‍ය මණ්ඩලයේ අධීක්ෂනය සහ මගපෙන්වීම යටතේ සිදුවන අතර, එක් සිසුවකුට මසකට රු500 ක් බැගින් වූ ශිෂ්‍යත්ව 5 ක් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා වූ මාස 10 ක් සඳහා ලබාදීමට දැනටමත් කටයුතු කර ඇත.
‘ණැනසරට වැයෙන සත්සරය’ තේමාපාඨය පෙරදැරිව ගීතාංජලි සංගීත ප්‍රසංගය 2009 වසරේ පැවැත්වුණි . ඒ සඳහා නාලක අංජන කුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සැපයූ අතර ටී.එම ජයරත්න, දීපිකා ප්‍රියදර්ෂණී පීරිස්, බණ්‍ඩාර අතාවුද,ක්‍රිෂාන්ත එරන්දක හා දයාන් විතාරණ ගීත ගායනයෙන් සම්බන්ධවිය. ණැනසර ශිෂ්‍යත්ව අරමුදල තරකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලබන “ගීතාංජලී ” සංගීත රාත්‍රිය අතිඋත්කර්ෂවත්ලෙස මෙවරද පැවැතීමට සියලු කටයුතු මේවනවිටත් සූදානම්වෙමින් පවතී. විද්‍යාපීඨ පලමු,දෙවන සහ තෙවන වසරවල සිසුන්ගේ දායකතවයෙන් මෙම ප්‍රසංගයේ කටයුතු සංවිධානය සඳහා ලැබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පීඨ 9 ක සහභාගීත්වයෙන් මෙවර ‘ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට’ , අමරසිරි පීරිස් සමඟින් කසුන් කල්හාර ගීතවත් වන ‘ගීතාංජලී 2011’ සංගීත සන්ද්‍යාව, නාලක අංජනකුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් මැයි 5 වන බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව උපුල් ශාන්ත සන්නස්ගල ගීපද විවරණයෙන් හා නාරද බක්මීවැව මෙහෙයවීමෙන් දායකත්වය ලබාදේ.

වැඩි විස්තර සඳහා:http://www.facebook.com/#!/home.php?sk=group_213951615281554

This slideshow requires JavaScript.

Categories: Entertaining, Topical Tags:

2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව.

මේ දවස්වල ක්‍රිකට් සින්දු ගොඩක් ඇහෙනව නේ . ඒ අතරෙ මම අහපු 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හැදුනු හොඳම සින්දුව තමයි මේ.පදරචනය,සංගීතය වගේම රූපරචනය නියමෙටම කරල තියනව.”කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ ” යන තේමාවෙන් මෙහි පද රචනය කරල තියෙන්නෙ බන්දුල නානයක්කාරවසම් මහතා අතින්.රංග දසනායකගායනය අතින් සංගීතවත්වන මෙම ගීතය ගායනාකරන්නෙ නිමන්ත හේෂාන්.මම මේ සිංදුවෙ වැඩියෙන්ම කැමති පද පෙලට.කියවලම බලන්නකො …(කොදෙව් රටේ පොල් ගස්වල කරටි කඩන්නවත් නවසිලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නවත් නෙවෙයි . කෙළි මඬලේ ජය ගොස නගමූ- මිහිමඬලේ සුවය සදමූ..)

කොයි අතකින් නැඟුනත් මහකඳු මුඳුනට – එක දසුනයි දිස්වෙන්නේ…
කොයි දෙසෙකින් ආවත් ඔබ අප හැම – එක් අරමුනකයි ඉන්නේ…
කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් – සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ – එකම ලෙයයි දිවයන්නේ…

අපි ලකුණු හඹා ඇදෙමු..
අපි කඩුලු ලබාගනිමූ..
ජය-පරාජය ද විඳිමූ….
ආදරය බෙදාගනිමූ… //

නිල්දිය දහරින් සිසිල අරන් එමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (මිහිමඬලේ සුවය සදමූ)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (කෙළි මඬලේ ජය ගොස නගමූ )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(මිහිමඬලේ සුවය සදමූ)

කොයි නමකින් ගැලුවත් ගංඟා සහසින් ..
සයුරයි අප හඳුනන්නේ….
එලෙසින් ඔබ අප කාගෙත් සිරුරේ ….
එකම ලෙයයි දිවයන්නේ…..

නිල් දිය දහරින් සිසිල අරන් එමූ.. (අපි ලකුණු හඹා ඇදෙමු..)
රන් ඉර මඬලෙන් එලිය අරන් එමූ… (අපි කඩුලු ලබාගනිමූ..)
සුන්දර හැඟුමෙන් එක රැනේ ගෙතෙමූ.. (ජය-පරාජය ද විඳිමූ.. )
එක්වී අපි අපි ලොව උයනක් කරමූ…(ආදරය බෙදාගනිමූ..)

ගීතය: නිල් දිය දහරින්
ගායනය: නිමන්ත හේෂාන්
පදරචනය: බන්දුල නානයක්කාරවසම්
සංගීතය: රංග දසනායක
නිෂ්පාදනය: තිනෙත්
සිනමා ශිල්පය: ධම්මික රත්නායක (Helium180° )
අධ්‍යක්ෂණය: රවිඳු හන්වැල්ල (Helium180°)

Categories: Entertaining