Archive

Archive for the ‘Topical’ Category

දෑසින් පෑ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා   ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

පද රචනය: මනුරංග විජේසේකර
ගායනය: ළහිරු පෙරේරා

අපි අසාධාරණය වෙනුවෙන් නැගීසිටිමු !

 “අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . . කම් නැත,
එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න…. මක් නිසාද;
අද ඔබේ වචන වලින් සාධාරණය ලෙස සම්මත වන අසාධාරණය ,
හෙට උපදින පරම්පරාවක්ම අසාධාරණයේ යකඩ සපත්තුවෙන් පාගා දමනු ලැබිය හැකි බැවිනි . .”

මේ වෙනුවෙන් කරන්න තියෙන්නෙ මිනිත්තුවක් වැයකරන්න විතරයි.
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. (http://wh.gov/jmh)


දැන්   create an account  සැබැඳියෙන් whitehouse.gov හි ඔබේ ගිනුමක් හදන්න.(පහත රූපය බලන්න.)


දැන් ඔබේ මුල් හා අග නම් සහ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.


නිවැරදිව පිරවූ පසු ඊමේල් පණිවුඩයක් මගින් ඔබව දැනුවත් කරන අතර ගිනුම සක්‍රිය කිරීම සඳහා එහි අති මුල් සැබැඳිය (ලින්ක් එක) ඔබන්න.


දැන් තියෙන්නෙ SIGN THIS PETITION  කරන එක.
එච්චරයි.

Categories: Social, Topical

ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට….

සීඝ්‍රයෙන් දියුණුවන ලෝකයේ උවමනා සහ අවශ්‍යතා සපුරාලීම සඳහා හැකියාවෙන් සහ නිපුණතාවයෙන් යුතු අනාගත විද්‍යාඥයන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව 1962 දී ආරම්භකරන ලද පේරාදෙණිය විද්‍යාපීඨය ( එවකට ලංකා විද්‍යාලය) මේ වනවිට අවුරුදු 50කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියයි. එදා මෙදාතුර විද්‍යාපීඨය ඉතිහාසය තුල දැයට බිහිකර ඇති විද්‍යාඥයන්,ගණිතඥයන්,ව්‍යවසායකයන් සහ බුදධිමතුන් ගණන අපමණය. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමක් සිදු නොවුවද , උපාධිය සම්පූර්ණ කරගැනීමට අවැසි අමතර වියදම් පියවාගැනීම වත්මන් උපාදි අපේක්ෂකයන් මුහුනපාන ප්‍රධාන බාධකයක් බව නොරහසකි. අඩු ආදායම්ලාභී සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් එක් ශිෂ්‍යත්ව ලාභියකු සඳහා මසකට රු2500 ක දීමනාවක් ලබාදුන්නද තවමත් සමහර සිසුන්ගේ අමතර වියදම් (ආහර,ලිපිද්‍රව්‍ය,නේවාසික ස්ථාන යනාදීය) සඳහා අවැසි මුදල් සොයාගැනීමෙහි ලා විශාල අරගලයක යෙදීසිටී.
මෙම තත්වය කොතරම් දරුණු වීදයත් සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් වසරකට පීඨය හැරයන අතර ඔවුන් අතරින් සමහරෙක් තම පවුල නඩත්තුකිරීම සඳහා විවිධාකාර රැකියා වල නිරතවන අතර තවත් සමහරෙක් ජීවිතය ගැන ඇතිවූ කලකිරීමෙන්ම පැවිදි දිවියට පාතැබූ අවස්ථා මෑත ඉතිහාසයේ අසන්නට දකින්නට ලැබුණි. මෙවැනි අවාසනාවන්ත තත්වයන් තවදුරටත් ඇතිනොවීමට සහ එවැනි මූල්‍යමය අපහසුතාවයන්ගෙන් පීඩිත සිසුන්ට සරණක් වීමේ උතුම් අරමුණ පෙරදැරිව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් 1993 වසරේදී ‘ණැනසර’ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන ලදි. මෙය ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන් කණ්ඩායමේ අවශ්‍යතා ඇති සිසුන් හඳුනාගෙන ඒ අතරින් කිහිපදෙනකු සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදි.
කල්යත්ම ,එනම් 2011 වසරේදී විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මගින් අරමුදලේ ප්‍රමාණය වැඩිකිරීම සඳහා තීරණයක් ගන්න ලදි. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමටත් ඉන් ලැබෙන පොලී මුදල මගින් නොනවත්වා ශිෂ්‍යත්ව ලබාදීමටත් තීරණය වුණි. ඒ අනුව පේරදෙණිය ලංකා බැංකුවෙහි ගිණුම් අංක 588-9223445 යටතේ ණැනසර අරමුදල සඳහා වූ ගිණුම අරඹන ලදි. ආරම්භයේදී සිසුන්ගේ ශ්‍රම මහන්සියෙන් එකතුකරගත් මුදල රු134,00 ක් පමණ වු අතර ඒ සඳහා කැට ව්‍යාපාර,පොත් සලකුනු හා ස්ටිකර් මුද්‍රණයෙන් ලද මුදල් අයත්වුනි. මේ වනවිට ණැනසර ශිෂ්‍යත්ව අරමුදල රු200,000 ඉක්මවා ඇත. ශිෂ්‍යත්ව ලබාගැනීමට සඳහා සුදුසුකම් ඇති සිසුන් තෝරාගැනීම සඳහා වූ ක්‍රියාපටිපාටිය අධ්‍යයන කාර්ය්‍ය මණ්ඩලයේ අධීක්ෂනය සහ මගපෙන්වීම යටතේ සිදුවන අතර, එක් සිසුවකුට මසකට රු500 ක් බැගින් වූ ශිෂ්‍යත්ව 5 ක් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා වූ මාස 10 ක් සඳහා ලබාදීමට දැනටමත් කටයුතු කර ඇත.
‘ණැනසරට වැයෙන සත්සරය’ තේමාපාඨය පෙරදැරිව ගීතාංජලි සංගීත ප්‍රසංගය 2009 වසරේ පැවැත්වුණි . ඒ සඳහා නාලක අංජන කුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සැපයූ අතර ටී.එම ජයරත්න, දීපිකා ප්‍රියදර්ෂණී පීරිස්, බණ්‍ඩාර අතාවුද,ක්‍රිෂාන්ත එරන්දක හා දයාන් විතාරණ ගීත ගායනයෙන් සම්බන්ධවිය. ණැනසර ශිෂ්‍යත්ව අරමුදල තරකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලබන “ගීතාංජලී ” සංගීත රාත්‍රිය අතිඋත්කර්ෂවත්ලෙස මෙවරද පැවැතීමට සියලු කටයුතු මේවනවිටත් සූදානම්වෙමින් පවතී. විද්‍යාපීඨ පලමු,දෙවන සහ තෙවන වසරවල සිසුන්ගේ දායකතවයෙන් මෙම ප්‍රසංගයේ කටයුතු සංවිධානය සඳහා ලැබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පීඨ 9 ක සහභාගීත්වයෙන් මෙවර ‘ස්නේහයේ නගරයෙන් රැඩිකල් ප්‍රේමයට’ , අමරසිරි පීරිස් සමඟින් කසුන් කල්හාර ගීතවත් වන ‘ගීතාංජලී 2011’ සංගීත සන්ද්‍යාව, නාලක අංජනකුමාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් මැයි 5 වන බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතයි. මීට අමතරව උපුල් ශාන්ත සන්නස්ගල ගීපද විවරණයෙන් හා නාරද බක්මීවැව මෙහෙයවීමෙන් දායකත්වය ලබාදේ.

වැඩි විස්තර සඳහා:http://www.facebook.com/#!/home.php?sk=group_213951615281554

This slideshow requires JavaScript.

Categories: Entertaining, Topical Tags:

2011 ලෝක කුසලාන අවසන් තරඟයට චාමර සිල්වා???

Categories: Topical Tags: , , ,

එක්වන්න…සෙනෙහසේ අරුණැල්ල සමග

ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට සෙනෙහසේ අරුණැල්ල….

අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත් වැටිලා තියෙනවා. නමුත් තවමත් ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති…. සිදාදියේ ගාමන්ට් එකක දණහිස් පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ……

කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???

ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා
හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි….ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන් බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්…..තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්, TV එකේ හරි Fm නාලිකාවක හරි කියන එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්…..

ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති වෙච්ච කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්…

එත්……කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ,පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ…කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ…මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි….

ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ….තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ …ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා…. ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි….මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති දෙයක් නොවන නිසා…
උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් “සෙනහසේ අරුණැල්ල “.අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් “සෙනහසේ අරුණැල්ල ” වෙනුවෙන් ඔබත් එකතු වන්න…

පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න…ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ….ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..
ඉතින්…කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත් මහා ආශීර්වාදයක් වේවි…..ඉතින් ….මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි……සැබවින්ම ඔබ අපිට විශ්වාසයි….

තමන් ලැබූ දිවි පෙවතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුබෙන්පුතේ
මෙලොවට කිසි එලක් නැතේ

වැඩි විස්තර සදහා
senahasearunella@gmail.com
අමතන්න..
අමිල 0716315399
නවින්ද 0714476276

website :
http://www.senahasearunalla.co.cc/

Facebook page:
http://www.facebook.com/home.php?sk=group_131804360213817&notif_t=group_r2j

ප.ලි: වැඩි දෙනකුගේ කියවීම පිණිස නවින්දගේ මුල් ලිපිය මෙසේ නැවත පලකරන ලදි.

Categories: Topical

සූරිය වැව ක්‍රීඩාංගනයේ අලුත්ම ඡායාරූප එකතුව.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත සූරිය වැව ක්‍රීඩාංගනයේ අලුත්ම(10/02/2011) ඡායාරූප එකතුව.කොළඹ සිට කිලෝ මීටර 204 ක දුරින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ ඉදිවන මෙහි වැඩ 2009 මැයි 17 වන දින වැඩකටයුතු ආරම්භ කරන ලදි.ශ්‍රී ලංකාවේ ඉදිවන 7 වැනි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය වන මෙය අක්‌කර 46 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර යන අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නියමයට අනුව ප්‍රේක්‍ෂකයන් 35000 කට තරග නැරඹිය හැකි පරිදි ඉදිවෙයි.මෙම ක්‍රීඩාංගණය දිවා රාත්‍රි ක්‍රීඩාංගණයක්‌ වන අතර තණතීරු 10 කින් සමන්විත වෙයි.

This slideshow requires JavaScript.


Categories: Entertaining, Topical Tags:

නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……

කාකා බිබී හුරේ දමන නරුම ක්‍රිකට් බලධරින්
පන්දු කෙලින අතර  මෙතන මෝඩ ඉන්දු  අමනයන්
රට ගිනිගෙන ඇති වග දුටු අපේ සිංහ පුතනුවන්
නිපන්දුවක් ගැන සිතීම වරදක්දැයි මට කියන්
….

යදමින් බැඳ විලංගු ලා…….

ශෙවාග් හට කඩේ දුවන මීහරකුන් වැනි පුතුන්
කුමට ද මට මහවිරුවෙකි සිර ගත කල මේ සුරාජ්
කෝටිගනන් බිහිවේවා මෙවන් රහල් පුතනුවන්
ලක් මව් පසුපස ඉන්නව එවන් පුතුන් ලඟ උතුම්…..

යදමින් බැඳ විලංගු ලා තරඟ තහනමක් දමන්න
අමු අමුවේ කඩේ දුවල දඩ මුදලක් පමුනුවන්න
නිපන්දුවක් ගැන සිතීම  දඬුවම් දෙන වරදනම්
කුමට ක්‍රිකට් පාලකයන් නීතිය සහ විනිසුරන්……..

පලි:
නන්දා මලිනියන් විසින් ගායනාකල මෙම පද පෙලට පසුබිම් වූ මතභේදාත්මක මුල් ගීතය
සුරාජ් රන්දීව් ට  උපහාරයක්ම වේවා!!

Categories: Topical