Hi.. :)

මා දෙනෙත් පියවීලා…

මා දෙනෙත් පියවිලා...
මා සුසුම් සිරවෙලා...
යන තුරා දිවිමගේ ....
ඔබ පමණයි සිහිනේ සදා....//

තුරුලේ නැලවි එදා..
කීව පෙම් ගී කතා... 
සුළගේ මුසුවි ගියා...
ඔබව මතකේ තියා.....

ලාදළු මල්පෙති පවා...
මිහිමතේ සෑත්පිලා...
ඔබත් යලි නෑ කියා...
හිරුත් අවරට ගියා...

මා දෙනෙත් පියවිලා...
මා සුසුම් සිරවෙලා...
යන තුරා දිවිමගේ ....
ඔබ පමණයි සිහිනේ සදා...



Vocals - Saranga Disasekara
Music - Sanka Dineth
Lyrics - Nalin De Silva
Advertisements

Ubuntu වලට Singlish යතුරු පුවරුවක්.

උබුන්ටු සඳහා වෙනම සිංග්ලිශ් යතුරුපුවරුවක් වෙනමම පැමිනෙන්නේ නැත. මේ නිසා එක්කෝ විජේසේකර යතුරුපුවරුව හෝ වෙනත් යතුරු පුවරුවක් බාවිතා කිරීමට සිදුවෙනවා. මේ සඳහා විසඳුමක් මෙන්න මේ සැබැඳියේ තිබුනා (2009). අද වනවිට සිංග්ලිශ් යතුරුපුවරුව ටිකක් වෙනස් මුහුනුවරක් ගෙන තිබෙනව. කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත්කර ඇති සිංග්ලිශ් පරිවර්තනයේ ආකරයට වෙනස්කරපු ස්ක්‍රිප්ට් එකක් තමයි මේ. දැනටනම්ම් කියන්න තරම්ම් වැරද්දක් අහුවෙලානම් නෑ. පොඩි වෙනසකට/අපගමනයකට කියල තියෙනෙ ං=x (මෙය \n ලෙස වෙනස් විය යුතු අතර) සහ ඃ=xx ( මෙය \h ලෙස වෙනස් විය යුතුය). ගොඩක් වෙලා උත්සාහ කරත් හරිගියෙ නෑ :(. මේ ස්ක්‍රිප්ට් ලියන හැටි මම එච්චර තියා කොහොමටවත් දන්නෙනම් නැ. කරල බලල වරදින තැන් අනුව තමයි වෙනස්කලේ.

  1. මුලින්ම මම සංස්කරණය කරපු මේ ෆයිල් එක (m17n-singlish.mim) ඩව්න්ලෝඩ් කරන්න. දැන් ඒක (m17n-singlish.mim) ලෙස rename කරල /usr/share/m17n කියන ඩිරක්ටරියට දාන්න.
  2. දැන් ස්ටාර්ට් අප් ඇප්ලිකේශන් වල Add new, Name=iBus, command= ibus-daemon ලෙස දෙන්න.
  3. ලොග් අව්ට් වෙලා ලොගින් වෙන්න.
  4. දැන් නොටිෆිකේශන් ඒරියා එකේ මෙන්න මේ වගේ අයිකන් 1 ක් පෙනේවි.
  5. දැන් preferences ක්ලික් කරල එන වින්ඩෝවෙ input method ටැබ් එකට ගිහින් පහල තියන විදියට සිංග්ලිශ්තෝරල ඇඩ් කරන්න.
  6. කැමතිනම් General ටැබ් එක ට ගිහින් කෙටි යතුරු මගක් සකස්කරන්න.

එච්චරයි !! දැන් කැමති අවස්තාවක කෙටි යතුරු මගින් හෝ නොටිෆිකේශන් ඒරියා එකේ මෙනුව මගින් ඕන කරන යතුරු පුවරුව (සින්ග්ලිශ්/English) මාරුකරන්න පුලුවන්.මීට වඩා හොඳට මේ ස්ක්‍රිප්ට් එක වෙනස්කම්/දියුනු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඔන්න වෙලාව 🙂

ආශ්‍රිත ලිපි:

දෑසින් පෑ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා   ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
බලා හිඳින් හඳින්….
සදා නොයන් ලඟින්….
නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ….

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ….

පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
පැතූ පැතුම් ඔබෙන්…
සදා විඳිම් සුවෙන්….
අතේවෙලී ලඟින් රැඳෙන් මගේ…

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….

පද රචනය: මනුරංග විජේසේකර
ගායනය: ළහිරු පෙරේරා

අපි අසාධාරණය වෙනුවෙන් නැගීසිටිමු !

 “අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . . කම් නැත,
එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න…. මක් නිසාද;
අද ඔබේ වචන වලින් සාධාරණය ලෙස සම්මත වන අසාධාරණය ,
හෙට උපදින පරම්පරාවක්ම අසාධාරණයේ යකඩ සපත්තුවෙන් පාගා දමනු ලැබිය හැකි බැවිනි . .”

මේ වෙනුවෙන් කරන්න තියෙන්නෙ මිනිත්තුවක් වැයකරන්න විතරයි.
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න. (http://wh.gov/jmh)


දැන්   create an account  සැබැඳියෙන් whitehouse.gov හි ඔබේ ගිනුමක් හදන්න.(පහත රූපය බලන්න.)


දැන් ඔබේ මුල් හා අග නම් සහ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.


නිවැරදිව පිරවූ පසු ඊමේල් පණිවුඩයක් මගින් ඔබව දැනුවත් කරන අතර ගිනුම සක්‍රිය කිරීම සඳහා එහි අති මුල් සැබැඳිය (ලින්ක් එක) ඔබන්න.


දැන් තියෙන්නෙ SIGN THIS PETITION  කරන එක.
එච්චරයි.

Categories: Social, Topical

රූබික් කැටයක් විසඳන සරලම ඇල්ගොරිතමය

රූබික් කැටයක් විසඳන එක ටිකක් අමාරු වැඩක්.  ඒකට ඇල්ගොරිතමයක්(Algorithm) සොයාගන්න එක ඊටත්  අමාරුයි. ඒත් ශ්‍රීලාංකිකයෙක් විසින් ඒ කටයුත්ත ඉතා සාර්ථකව ඉටුකර තිබෙනවා. මෙම ක්‍රමයේ ඇති සුවිශේෂත්වය තමයි එහි ඇති සරල බව. ඇත්තෙන්ම එය එදා මෙදා තුර මිනිසකු විසින්  සොයාගත් පහසුම රූබික්  කැට විසඳුමයි. මිනිත්තු 10 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල ඉතා සරල සිංහලෙන් ඔහු විසින් එම ඇල්ගොරිතමය(Algorithm) පැහැදිලිකල ආකාරය ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මෙසේ පිරිනැමෙන වගයි !

Ubuntu ද? එහෙනම් කියවන්න..

උබුන්ටු 11.04 පෙරනිමියෙන් එන unity ඩෙස්ක්ටොප් එකේ වාසි මෙන්ම අවාසිත් තියනවා. ප්‍රදාන ලෙසම Gnome pannel applets වල අඩුව දැනෙනව . නමුත් එම අඩුව පිරවීමට සමත් indicator applets unity ඩෙස්ක්ටොප් පරිසරයට නිර්මානය කර තිබුනත් ( උදා: Sys peek applet) සමහරක් ඒවා තවමත් එතරම් දියුනු මට්ටමේ නැ.Gnome වලට වඩා Unity හි ඇති එකම වාසිය ලෙස මම දකින්නේ title bar එක වින්ඩෝව විශාල වන විට ඉහල තියන pannel එකට ගොනුවීමෙන් තිරයේ ව්ශාල ඉඩක්(Menue bar+ Title bar) ඉතිරිකර දීමයි.අනිත් කරුණ තමයි classic ubuntu පරිසරයට (Gnome ඩෙස්ක්ටොප් )ඇබ්බැහිවී/හුරුවී සිටීමයි. පහත රූප වල දකුණුපස ඉහල බලන්න.

මේ ආකාරයට classic ubuntu පරිසරය සකසාගන්න එක හරිම ලේසියෙන් කරන්න පුලුවන්.මෙහෙම කලාම වින්ඩෝව විශාලිත අවස්තාවේදී පමනක් Menue bar එක Title bar එක සහ Window Buttons මෙන්න මේ විදියට Pannel එකට එකතුවෙන අතර වින්ඩෝව කුඩා විට සාමාන්‍යපරිදි වැඩ කරනව.

  1. මුලින්ම සුපුරුදු ලොගින් අතුරු මුහුනතේන් ubuntu classic තෝරගන්න.
  2. ඊට පස්සෙ මේ pannel applet 2ක Synaptic එකෙන් install කරන්න.Indicator Applet Application Menu සහ Window Buttons.
  3. දැන් pannel එකේ කැමති තැනකට ඒවා එකතු කරන්න.දැන් Window Buttons සඳහා කැමති/සුදුසු button තීම් එක Preference වලින් තෝරන්න.(Preference වලින් කැමති/සුදුසු පරිදි මෙම Window Buttons හැසිරීම වෙනස්කරන්නත් පුලුවන්.)
  4. දැන් තියෙන්නෙ විශාලිත වින්ඩෝවල title bars ඉවත්කිරීමයි.මේ සඳහා ccsm(CompizConfig Settings Manager) install කර තියෙන්න ඕන.දැන් System→Preferences→CompizConfig Settings Manager හි Window Decorations සොයා Decoration Windows හි any වෙනුවට !state=maxvert ලෙස සකස් කරන්න .

එච්චරයි 🙂
ආශ්‍රිත ලිපි:

  1. http://ubuntuguide.net/substitute-maximized-window-title-and-buttons-with-gnome-panel-applets
  2. http://vmlinux.org/jocke/blog/gnome/hide-decoration-on-maximize

ජංගම දුරකථන රඳවනයක් හදමු

මේ කියන්න හදන්නෙ වැඩක් නැති වෙලාවට කරන්න පුලුවන් පොඩි නිර්මාණයක්.ඒ කිව්වෙ ජංගම දුරකථන රඳවනයක් නිවසේදීම හදාගන්න හැටි.

වැඩේට ඕන වෙන්නෙ

  1. ඉවත දමන pvc වැහි පීල්ලක කොටසක්,
  2. කියත්පටියක්,
  3. ඉටිපන්දමක්,
  4. අඬුවක්.

මුලින්ම phone එකේ ප්‍රමාණයට ටිකක් වැඩි[ (phone එකේ පළල) +(ඝනකම×2)] කොටසක් කපාගන්න.ඝනකම×2 කිව්වෙ පැති ආදාරක දෙකට .

දැන් පීල්ලෙ දෙපස කොටස් තදින් ඇතුලට නවන්න.
(පීල්ලේ දිගම කොටස තමයි යටට හිටින්නෙ,පීල්ලෙ මැද කොටසෙ තමයි phone එක හිටින්නෙ).අවසානයේදී කිසිම බලයක් දෙන්නෙ නැතිව නවාගත් පීල්ල මෙන්න මෙහෙම තියෙන්න ඕන.තදින් නවන්න(එහෙම හිටින්නෙ නැත්තම් ඕනෙනම් අන්තිමටම වැඩේ ඉවර වුනාම පොඩි බකට් කම්බියකින් පැති දෙක එකතුකරන්න පුලුවන්.)දැන් පැති ආදාරක 2 ඉතුරුවෙන පරිදි phone එකේ පළල ඉරකින් පීල්ලෙ සලකුණු කරගෙන ඒ දිගේ කියත් පටියෙන් කපන්න.ටික වෙලාවක් නම් යනව වැඩේට.

හරි , දැන් මේ පේන්න තියන තීරු කපල ඉවත්කරල, අර ඉතුරු කරගත් පැති ආදාරක දෙක අඬුවෙන් ඇතුලට නවන්න.
දැන් ඉතුරු pvc වැහි පීල්ලෙන් තවත් කොටසක් phone එකේ පළලට 1cm විතර අඩුවෙන් කපාගන්න.

ඊලඟ පියවර ටිකක් ඉවසීමෙන් කරන්න ඕන, නැත්නම් කරපු ඔක්කොම වතුරෙ.දැන් ඒ කපාගත් කොටසේ පළල ප්‍රමාණයට හා මහතට හරියටම ගැලපෙන පරිදි කැපුමක් කියත්පටිය රත්කරල හරහට යොදන්න(ඒ කියන්නෙ කපාගත් කොටස රිංගවන්න පුලුවන් තරමේ වන හරස් කැපුමක්) .ඒක ටිකක් හිරට වන තරමට හොඳයි.

දැන් කරන්න තියෙන්නෙ අර කපාගත් කොටස හරස් කැපුම තුලට රිංගවන එක. කැමති පරිදි දිග සකසාගැනීමත් , එමගින් ආනතිය වෙනස්කිරීමටත් හැකියාව මෙමගින් ලැබෙනව.අන්තිමට මෙන්න මේ වගේ තමයි පේන්නෙ.

හරි. දැන් වැඩේ ඉවරයි. කැමතිනම් charger pin සිදුරක් දාන්නත් පුලුවන්.

This slideshow requires JavaScript.

Categories: Tech Tags: